ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් සිදු කරනු ලබන කොළඹ නගර සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය හේතුවෙන්, කොළඹ අවට ප්‍රදේශ රැසකට අද රාත්‍රි 08.00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස , කෝට්ටේ , කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ , මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ , කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
ඊයේ පෙරවරු 09.00 සිට අද පෙරවරු 09.00 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය මීට පෙර නිවේදනය කර තිබිණ.
කෙසේ වෙතත්, කොළඹ නගර සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් සිදු වෙමින් පවතින බැවින් අද අද රාත්‍රි 08.00 දක්වා ඉහත ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

0 Comments