Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුරෝපා සගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට

යුරෝපා සංගමයේ ප‍්‍රතිත‍්‍රස්ත කටයුතු පිළිබද සම්බන්ධීකාරක ජිල් ද කෙයාර්ශෝව් මහතා ශ්‍රී ලංකාවේ මෙරට සංචාරයක නිරත වේ. ඊට සමගාමීව ඔහු මාලදිවයිනේ ද සංචාරය කරන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.
 
හෙට (12) සිට ලබන 16 වැනිදා දක්වා ඔහු මෙම සංචාරයේ නිරත වන බව යුරෝපා සංගමය පවසයි.
 
මෙම රටවල ආරක්ෂාව තර කිරීමේ උත්සාහයන්ට සහ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා වඩාත් සුදුසු පසුබිමක් නිර්මාණය කරගැනීමේ උත්සාහයන්ට අත්වැලක්වීම සංචාරයේ අරමුණ බව සදහන් වේ. 
 
සංචාරය තුළදී ඔහු රජයේ සහ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();