වසර 05 කට අධික කාලයක් දුමිරිය දෙපාර්තමේන්නතුවේ විවිධ අංශ වල සේවය කරන 1500 පමණ වන අනියම්/ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින් සේවයේ ස්ථීර නොකර, අළුතින් තවත් සේවක පිරිසක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් එය වසර 05 ක් තිස්සේ දුම්රිය සේවාව පවත්වාගෙන යාමට වෙර දරන අනියම්, ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රත් පදනමින් බඳවාගෙන ඇති සේවකයින්ට ඉන් බරපතල අසාධාරණයක් සිදු වන බව පෙන්වා දෙමින් මේ නව සේවක පිරිස් බදවා ගැනීම වහාම නවතා දමන ලෙසත්,දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන ආදේශක, අනියම්, තාවකාලික හා කොන්ත‍්‍රාත් පදනමින් බඳවාගෙන ඇති සියළු සේවකයින් සේවයේ ස්ථීර කිිරීමෙන් පසු පවතින පුරප්පාඩු අනුව තවත් සේවකයින් බඳවාගන්නේ නම්, ඊට විරුද්ධ නොවන බව ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරමින් , එසේ නොකර තවත් වතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට දේශපාලන පත්වීම් ලබාදීමට කටයුතු කළහොත් එය තවත් දුම්රිය වැඩ වර්ජනයකට අත වැනීමක් බවද අවධාරණය කරමින් , එබැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය,
අර්ජුන රණතුංග වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර සිටියි.
The post යලිත් දුම්රිය වර්ජනයක්? appeared first on Lanka News Column.


0 Comments