අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන - ෂැංහයි, හොංකොං බෞද්ධ නියෝජිත පිරිස පෙරේදා (15) අරලියගහ මැදුරේදී හමුවී අ දහස් හුවමාරු කැර ගත්තේය.
මේ බෞද්ධ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ පොසොන් පෝ දින පැවිදි බිමට ඇතුළු වන චීන ජාතික දරුවකුගේ පුණ්‍යෝත්සවයට සහභාගිවීම උදෙසාය. මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පිඹුරේ උදිත මහ නා හිමිපාණන් වන අතර විශේෂ ආරාධිත ලෙස කතානායක කරු ජයසූරිය මහතා එක්වෙයි.
මේ නියෝජිත පිරිස පරම ධම්ම චේතිය පිරිවෙනට අනුබද්ධිතව රත්මලානේ සිනෝ - ශ්‍රී ලංකා මිත්‍රත්ව බෞද්ධ අධ්‍යාපනික ආයතනයක් පිහිටුවීමටද අපේක්ෂා කරයි.
චීන , හොංකොං සහ ශ්‍රී ලංකා මහා සංඝරත්නය වෙනුවෙන් බෞද්ධ අධ්‍යාපන වාර්ෂික සම්මන්ත්‍රණයක්ද මේ නියෝජිත පිරිස සංවිධානය කරනු ලබති.
මේ නියෝජිත පිරිසට චීන බෞද්ධ සංවිධානයේ හුහාන් ප්‍රාන්ත නියෝජ්‍ය සභාපති අතිපූජ්‍ය මින්චාන්ග් හිමිපාණන්, හොංකොං හි චීන බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය, ක්ෂු යු, රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනේ මහාචාර්ය අතිපූජ්‍ය මාඉටියේ විමලසේන හිමි ඇතුළත් වූහ.
0 Comments