බෞද්ධාලෝක පොසොන් උළෙලේ සමාරම්භක උත්සවය අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පෙරේදා (15) බෞද්ධාලෝක මාවත, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්රයේදී විවෘත විණි.
එහිදී පොසොන් තොරණ විවෘත කිරීම ද අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිකාරී කෝමාරිකේ රාහුල ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරුන් ප්රමුඛ දේශපාලනඥයින් ඇතුළු විශාල දායක දායිකාවන් පිරිසක් සහභාගිවී සිටියහ.
0 Comments