විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය
සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අසත්‍ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙසත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා,
සූර්යබල සංග්‍රාමය සම්පූර්ණ වැඩසටහන සැලකුවහොත් මෙගාවොට් 01 බැගින් වන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම එක් ඒකකයකට රු. 16.00 පමණ වෙනවා. මෙගාවොට් 10 වගේ බලාගාරයන්ගෙන් විදුලිය මිලදී ගන්නේ රු. 11.82ක පමණ සිට රු 12.50 දක්වා වූ මිලකටයි. විශාල පරිමාණ සූර්ය උද්‍යාන ඉදිකිරීමේ දී මේ මිලගණන් තවත් අඩුවේවි. මේ ව්‍යාපෘතියේ දී පළමු අදියරේ රු. 22.0ක් එක ඒකකයකට ගෙවීමෙන් රජය බලාපොරොත්තු වුණේ මේ රටේ විදුල පාරිභෝගිකයාට තම පියසි මත සූර්ය විදුලි ජනන පද්ධති සවි කරලා එමගින් ආදායමක් ලබා ගැනීම. ඒ වගේම පරිසර හිතකාමි ජනන ප්‍රභවයන් පද්ධතියට එක් කරගැනීම. පසුගිය දින කිහිපය තුළ විද්‍යුත්, මුද්‍රිත මෙන්ම විවධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සෙ සූර්යබල සංග්‍රාමය පිළබඳ විවිධ අසත්‍ය ප්‍රචාරයන් සමාජගත කිරීමට විවිධ පාර්ශ්වයන් විසින් උත්සායක් ගන්නවා. සූර්යබල සංග්‍රාමය අපි ක්‍රියාත්මක කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින්. එහි යම් වෙනස්කමක් ඇතිකිරීමටනම්, නැවත වරක් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබාගත යුතුයි. මේ වනතෙක් මේ ව්‍යාපෘතියේ කිසිදු වෙනසක් සිදුකර නැහැ. ලංකා විදුලිබල මණ්ඩලය මඟින් පත්කරනු ලබූ කමිටුවේ වාර්තාව මේ වනතෙක් ලැබී නැහැ.
සුලක්ෂණ ජයවර්ධන මහතා මේ අදහස් පලකළේ, මේ සම්බන්ධව විවිධ පාර්ශ්ව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මේ වන විට ගෙනයන අසත්‍ය මතවාද පිළිබඳව ජනතාව නිවැරැදි ලෙස දැනුවත් කිරීම වෙනුවෙනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා,
සූර්යබල සංග්‍රාමය වැඩසටහන සම්බන්ධව ගත්තොත් මෙය අදියර 04 කින් සමන්විතයි. ඒ යටතේ රටේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට, විදුලිබල සංවර්ධනයට සූර්ය බලය උපයෝගී කරගැනීමට ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. මෙහි පළමු අදියර යටතේ ඕනෑම විදුලි පාරිභෝගිකයකුට තම නිවාස පියසි මත සූර්යබල විදුලි ජනන පද්ධති සම්බන්ධ කරගෙන විදුලි ජනනයට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙහිදී නෙට් මීටරින්, නෙට් ප්ලස්, නෙට් එකවුන්ටින් යන ක්‍රමවේදයන්වලින් තමා කැමති ක්රමවේදකට විදුලිය නිෂ්පාදනය කරලා ජාතික පද්ධතියට ලබාදෙන්න.
2016 මේ වැඩසටහන හදුන්වාදීමේ දී අපි සැලසුම් කළේ 2020 වනවිට මෙගාවොට් 200ක් මෙමගින් ජාතික පද්ධතියට එක් කිරීමටයි. අපි මේ වනවිට ඒ ඉලක්කයට ළඟාවෙමින් සිටිනවා. 2025 වනවිට තවත් මෙගාවොට් 800 ක් පද්ධතියට ලබාගනිමින් මෙගාවොට් 1000 දක්වා සූර්යබල සංග්‍රාමය අපි දියත් කරන්න සැලසුම කරලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ රජය විසින් විවධ වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. විශේයෙන් ආසියානු සංවර්ධන බැංකුව යටතේ ණය ආධාර ලබාදීම, සූර්යබල විදුලිය ලබාදෙන ආයතනවල , උපකරණවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට නීති රෙගුලාසි ඇතිකිරීම ආදි විවිධ කාර්යයන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා.
මේ තත්ත්වයන් යටතේ අපි බලාපොරාත්තු වන්නේ සූර්යබල සංග්‍රාමය පළමු අදියර සාර්ථක කර ගැනීමටයි. දෙවැනි අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන ව්‍යාපෘති 300 ක් පද්ධතියට එකතු කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලින් සිදුකරලා මේ වනවිට මෙගාවොට් 126 කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් ටෙන්ඩර් පිරිනැමීම සිදු කරලා තිබෙනවා. ඒ වගේම තවත් මෙගාවොට 150 ධාරිතාවයක් පද්ධතියට ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් තරගකාරි මිලගනන් කැදවලා අවශ්‍යකරන ක්‍රමවේද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තුන්වන අදියර යටතේ මෙගාවොට් 10 බැගින් වූ බලාගාර 05ක් පද්ධතියට එක් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ වගේම හතරවැනි අධියර යටතේ විශාල සූර්යබල උද්‍යාන ඉදිකිරීමට පියවර ගන්නවා. මේසඳහා පුනරීන්, සියඹලාණ්ඩුව වැනි ප්‍රදේශ පාදක කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමත් මේ යටතේ සිදුවෙනවා. මේ සදහා මාදුරුඔය තෝරාගෙන තිබෙනවා.
සූර්යබල සංග්‍රාමය පළමු අදියර යටතේ නිවාස වහල මත සවිකරන සූර්ය විදුලි පද්ධති වෙනුවෙන් මුල් අවුරුදු 07 තුළ රු. 22.00 වැනි මුදලක් එක් ඒකකයකට ගෙවනු ලබනවා. ඊළඟ අවුරුදු 8 – 20 දක්වා කාලයට රු. 15.50 ක අගයක් ගෙවම් සිදු කරනවා. අපි මුලින්ම මේ ව්‍යාපෘති ආරම්භයේදීම සම්මුතියක් ඇති කරගත්තා, මුල් මෙගාවොට් 100 ජාතික පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මේ ව්‍යාපෘතියේ අඩුපාඩුකම්, ප්‍රගතිය ආදිය පිළබඳව සමාලෝචනයක් සිදුකළයුතුයි කියලා.
නමුත් මෙගාවොට් 100 ක් එක්කිරීමෙන් අනතරුව මෙම සමාලෝචනය සිදුකළේ නැහැ. මෙගාවොට් 200ක් පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මෙය සිදුකිරීමටයි රජය තීරණය කරලා තිබුණේ. ඒ අනුව මේ සමාලෝචන සිදුකිරීමේදී අපට පෙනී යන්නේ, නෙට් මීටරින් යටතේ සූර්ය විදුලිය මිලදී ගැනීමේ දී එක් ඒකකයක් රු.45.00 ක් වැනි අගයක් වෙනවා. අනෙකුත් ක්‍රමවේද දෙකෙන් සූර්ය විදුලිය මිලදී ගැනීමේ දී රු. 22.00 ක් වැනි මුදලක් වනවා. මේ ක්‍රමවේදයන් අතරවන නොගැලපීම් තත්ත්වයන් පිළිබඳව කරුණු විමසා බැලීමට කමිටුවක් පත්කරලා තිබෙනවා. මේ වනවිට ඒ කමිටුව අධ්‍යයනය සිදුකරමින් පවතිනවා යැයි පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි එම්. ආර්. රත්නායක මහතා,
රජයේ ප්‍රතිපත්තිය මත, 2016 වර්ෂයේ සිට ආරම්භ කරන ලද සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ මෙරට පාරිභෝගිකයන්ට තම පරිශ්‍රවල වහල මත සවිකරන සූර්ය ජනන පද්ධති මගින් විදුලිය ජනනය කිරීමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ නමුත් මේ වැඩසටහන යටතේ මෙ.වො. 100 ධාරිතාවයක් පද්ධතියට එක් වූ පසු මේ වැඩසටහන පිළිබඳ සමාලෝචනයකට එකඟ වී තිබිණ. විශේෂයෙන්ම වැඩසටහන වඩාත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම, ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වයට සහ පද්ධතියේ තාක්ෂණික තත්ත්වයට ඇති වන බලපෑම සොයා බැලීමට යෝජනා වී තිබේ.
සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ විදුලිය මිලදී ගැනීමේදී සාධාරණ මුදලක් ඒ සඳහා ගෙවිය යුතු වේ. කෙසේ නමුත් මේ සම්බන්ධව සමාලෝචනය කිරීමේදී ලැබී ඇති යෝජනා පිළිබඳව විවිධ පාර්ශ්ව මේ වන විට අසත්‍ය මතවාද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පතුරුවාලීමට කටයුතු කරමින් පවතින අතර මේ තත්ත්වය තුළ මෙරට මහජනතාව නොමගයාමක් සිදුවේ. එබැවින් සූර්යබල සංග්‍රාමය යටතේ විදුලි පාරිභෝගිකයන්ට සූර්ය ශක්තිය මඟින් විදුලිය ජනනය කිරීමට ඇති පහසුකම ඉවත් කිරීමට කටයුතු කර නොමැති අතර එවැනි පාරිභෝගිකයන් ජනනය කරන සූර්ය බලශක්තිය සාධාරණ ගාස්තුවක් යටතේ මිලදී ගැනීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සවර්ධන අමාත්‍යාංශය මඟින් කටයුතු කරනු ඇත.
සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සූර්ය විදුලි ජනනයට විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ වීම දිරිගැන්වීම සඳහා රජය, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇ.ඩො.මිලියන 50ක ණය මුදලක් ලබාගෙන මෙරට විදුලි පාරිභෝගිකයන්ට සහන ණය මුදලක් ලබා දීමට මෙන්ම සූර්ය ජනන පද්ධති සේවා සපයන ආයතන වෙතින් ගුණාත්මක සේවාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රමිති හඳුන්වාදීම ද සිදුකර ඇත. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා තිබෙන විදුලි ජනන අභියෝග හේතුවෙන් පද්ධතියේ ඇතිව තිබෙන හදිසි විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට විදුලිබල නැව් 02ක් ගාල්ල හා කොළඹ ග්‍රිඩ් උපපොළවලට සම්බන්ධ කර පද්ධතියට එක් කිරීමට නියමිත විදුලිය මිලදී ගැනීම් පිළිබඳවද සූර්යබල ජනනය සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර දිගින් දිගටම ප්‍රචාරණය කිරීම යම් පාර්ශ්වයන් සිදු කරමින් සිටී.
සූර්යබල සංග්‍රාමය වැඩසටහන ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිරීමට මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පිරිස්වල එම සාවද්‍ය තොරතුරු සැලකිල්ලට නොගන්නා ලෙස විෂයබාර ඇමැති රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පර්යේෂණ සහ සංවර්ධන, රොනල්ඩ් කොමෙස්ටර් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.
0 Comments