ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන්
ඩයලොග්, සිලෝන් බිස්කට් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ඩී.එෆ්.සී.සී. බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දායකත්වය
අනුබුදු මිහිදු මාහිමියන් වැඩම කරවිම සිහිපත් කරමින් පනස් හත්වන (57) වරටත් පවත්වනු ලැබු මිහින්තලා-ලේක්හවුස් ආලෝක පුජා පුන්‍ය උත්සවය අද (17) අවසන් වේ.
තෙදිනක් පුරා පවත්වන ලද මිහින්තලා ආලෝක පූජා පුණ්‍ය උත්සවය ඉකුත් පහළොස්වන (15) දින ආරම්භවු අතර පොසොන් පොහෝදා (16) සහ අද (17) දින පැවැත්වීමෙන් අනතුරුව අවසන්වේ.
මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් හා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් පරිදි ඓතිහාසික මිහින්තලා පුදබිමේ මැදමළුවේදි මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ලේක්හවුස් ආයතනය මගින් පනස් හත්වන (57) වරටත් සිදුකරන මේ උතුම් පිංකම සඳහා සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය ලබා දුන් අතර මේ සඳහා ඩයලොග් සමාගම, සිලෝන් බිස්කට් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ඩී. එෆ්. සී. සී. බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව බැතිබර දායකත්වය ලබා දෙන ලදි.
මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජා පුණ්‍ය උත්සවයේ අවසන් අද (17) දින අනුරාධපුර දිසාපති හා පොසොන් කමිටු සභාපති ආර්.එම් වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් විවෘතවේ.
අනුරාධපුර අතිරේක - අමිල ප්‍රභාත් වනසිංහ
0 Comments