Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාව අත්අඩංගුවට ගන්න

ගයාන් කුමාර වීරසිංහ

අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන ත්‍රිකුණාමලයෙන් ඔස්ට්‍රේලියාව බලා යාත්‍රාකර ඇතැයි කියන බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගන්නා ලෙස මෙරට බලධාරීන් ඔස්ට්‍රේලියාවට දැනුම් දී තිබේ. එම බහුදින යාත්‍රාව පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනවසර සංක්‍රමණ වැළැක්වීමේ අංශයටය. එම තොරතුරුවලට අනුව එම යාත්‍රාවේ අනවසර සංක්‍රමණිකයන් 30ත්- 40ත් අතර පිරිසක් සිටින බව කියයි.

ත්‍රිකුණාමලය, හලාවත සහ මඩකලපුවේ වැසියන් එහි සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. එම යාත්‍රාව ත්‍රිකුණාමලයෙන් ගමන් ආරම්භකර ඇත්තේ සති දෙක-තුනකට පෙර බවත්, මේ වන විට එය ඔස්ට්‍රේලියාවට ආසන්නවී ඇති බව විශ්වාස කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ඇතිව තිබෙන තත්ත්වය සැළකිල්ලට ගෙන නැවතත් මිනිස් ජාවාරම ආරම්භ වී ඇතැයි ද එම නිලධාරියා පැවැසීය. ඔස්ට්‍රේලියාව බලා ගමන්කරමින් සිටි 41දෙනෙක් රැගත් යාත්‍රාවක් ද පසුගිය 24 දා නාවික හමුදාව ගාල්ල වරායට රැගෙන විත් තිබිණි. පසුගිය 8 දා හලාවතින් ගමන් ඇරැඹි එම යාත්‍රාව පසුගිය 15වෙනි දා කාර්මික දෝෂයකට ලක්ව නාවික හමුදාව ගාල්ලට රැගෙන එන තුරුම තිබී ඇත්තේ මුහුදේ පාවෙමිණි.

එම යාත්‍රාවේ සිටි පිරිස ද ඔස්ට්‍රේලියාව බලා ගමන්කර ඇත්තේ දේශපාලන රැකවරණය ඉල්ලීමේ සූදානමක් ඇතිවය. ශ්‍රී ලංකාවේ ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් හටගෙන ඇති බව සඳහන් කරමින් ඔවුන් දේශපාලන රැකවරණය ඉල්ලීමට සූදානමින් සිට ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();