Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති රිෂාඩ්ට එරෙහි චෝදනා ගැන අතුරු වා‍ර්තාවක් ‍සති දෙකකින් දෙන්න

Author(s): 
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට‍ පෙර ඒ මහතාට එල්ලවන චෝදනා පිළිබඳ අතුරු වා‍ර්තාවක් ‍සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ඒ පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති විශේෂ තේරීම් කාරක සභාවෙන් තමන් ඉල්ලීමක් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊ‍යේ (23) ප්‍රකාශ කළේය.

විශ්වාස භංග යෝජනාවක් සඳහා දින ලබාදීමේ බලය ඇත්තේ ආණ්ඩුවට මිස විපක්ෂයට නොවන බවත්, විශ්වාස භංග යෝජනාව සඳහා දින නියම කළ යුත්තේ කතානායකවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා සාකච්ඡා කර බවත්, අගමැතිවරයා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති යෝජනාව විවාදයට ගැනීමේ දිනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී මතු කළ කරුණු වලට සිය අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අදාළ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම සඳහා ලබන 18, 19 යන දෙදින ලබාදිම‍ට තීරණය කර ඇති අතර එම දින ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා විපක්ෂනායකයා නොමැතිව සෙසු මන්ත්‍රීවරුන් කුමක් කතා කරන්නේ දැයි අගමැතිවරයා විමල් විරවංශ මහතාට පිළිතුරු දෙමින් පැවසීය.

අදාළ විශ්වාස භංග යෝජනාව සඳහා දින ලබාදීම සම්බන්ධයෙන් සභාව දැනුම්වත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මතු කළ ප්‍රශ්නයේ දී මෙම විවාදය උද්ගත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස)

විශ්වාස භංග යෝජනාව පිළිබඳව විවාද කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමේ දී දිනයක් නියම කළ බව අපට දැනගන්න ලැබුණි.‍ ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන්නේ නම් වැදගත්.

කතානායක කරූ ජයසූරිය මහතා- විශ්වාස භංගය සඳහා දිනයක් ලබා දීම‍ට නොහැකි බව මම කිසිම අවස්ථාවක සඳහන් කර නැහැ‍. එම යෝජනාව පිළිගෙන එය න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ මහ ‍ලේකම්වරයාගේ නීත්‍යානුකූල ක්‍රියා පටිපා‍ටිය අනුවයි. ඉක්මන් දිනයක් ලබාදීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවූවා.‍ සියලුදෙනාගේ අදහස් විමසුවා. අගමැතිවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා සියලු දෙනාම එකඟ වී 18, 19 යන දින ලබා දුන්නා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - මම ඉල්ලීම් දෙකක් කළා. එකක් තමයි සති දෙකක් යාමට පෙර රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා පිළිබඳ අතුරු වාර්තාවක් ලබා දෙන්න. අනිත් එක තමයි විශ්වාස භංග යෝජනාව ගැන පක්ෂ නායකයන් කැඳවා දින නියම කරගන්න. එය බිස්නස් කමිටුවේ වැඩක්.

කතානායකවරයා - ඉස්සරවෙලා එක දිනයයි දෙන්න තිබුණේ. පස්සේ අපි කතාකර සභානායක තුමා එකඟ වුණා, දින දෙකක් දෙන්න. සභානායකතුමා ඒ ගැන පැහැදිලි කරන්න.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ජූනි 18, 19 යන දිනවල විවාදය සඳහා සූදානම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස) - නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන්නේ ජූනි හතරවැනි දා‍ . එදාට විවාද කිරීමට නියමිත අණ පනත් සම්මත කිරීමට අපිත් සහාය දෙන්නම්. 6, 7 යන දින මේ විවාදය සඳහා ලබා දෙන්න.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා- කතානායක, සභානායක, විපක්ෂනායක තුමා එකතු වී සම්ප්‍රදායක් ලෙස බිස්නස් කමිටුව සමඟ සාකච්ඡා කරලයි දින නියම කරන්නේ. ඔබතුමාට මම ඊයේ දිනයේ දී කරුණු පැහැදිලි කළා. දිනය ගැන නියම කරගන්න විපක්ෂනායක තුමා සභාවේ නොමැතිව අනික් මන්ත්‍රීවරු කෑ ගහන්නේ මොකටද.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල- පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව දින නියම කරන්නේ ආණ්ඩුව. අපියි ආණ්ඩුව. දින නියම කරන්නේ අපි. විපක්ෂයට දින නියම කරන්න බැහැ. ඒක තේරුම් ගන්න ඕෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා (එජනිස) - විශ්වාස භංගයෙන් අපි මතුකර ඇති කරුණු සාකච්ඡා කරන්න අපි තේරීම් කාරක සභාවට එන්නේ නැහැ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - විශ්වාස භංග යෝජනා‍වකට දිනය දෙන්නේ ආ‍ණ්ඩුව. සාමාන්‍යයෙන් ඇමැතිවරයකුට ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවකට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවට.‍

අනුර කුමාර දිසානායක මහතා- තේරීම් කාරක සභාව කියන්නේ එකක්, විශ්වාස භංග යෝජනාව කියන්නේ තව එකක්. ආණ්ඩුවට එරෙහි අපගේ විශ්වාස භංග යෝජනාව භාරදීමට පෙරයි රිෂාඩ් ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව භාර දුන්නේ. එයට දින ලබාදුන් පසුව අපගේ යෝජනාව සඳහා අපි දිනයක් ඉල්ලනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();