පාසල් දරුවන් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ලොරියක් පැමිණ ඇති බවට ඊයේ(23) ලැබී ඇති අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා අනුරාධපුට නගර සීමාවේ පාසල් කිහිපයක් අසල දැඩි කළබලකාරී ස්වභාවයක් දක්නට තිබූ බව ආරංචිමාර්ග පවසයි. ඒ සිය දරුවන් ආරක්ෂිතව රෑගෙන යාමට දෙමාපියන් විශාල ප්‍රමාණයක් එකවර පැමිණීමත් සමඟයි. මේ හෙතුවෙන් පාසල් වල දෛනික අධ්‍යාපන කටයුතු නියමිත වේලාවට කලින් නිම කිරීමට සිදුවිය.
මෙම දුරකථන ඇමතුමත් සමග අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරන මහතා අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජිව මහනාම මහතා ඇතුළු උසස් නිලධාරින් ඇතුළු විශාල පිරිසක් වහාම පාසල් අසලට ගොස් දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට කටයුතු කලහ. එහෙත් එවැනි සිද්ධියක් වීමට කිසිදු ඉඩකඩක් නැති බව අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා අවධාරණය කර සිටියේය.
The post අසත්‍ය ඇමතුමක් හේතුවෙන් අනුරාධපුරයේ පාසල් අසල දැඩි කලබලයක් appeared first on Lanka News Column.

0 Comments