ප්‍රහාර සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත් වූ බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
සභාපතිවරයා ඇතුළුව මන්ත‍්‍රීවරුන් අට දෙනකුගෙන් යුතුව අදාළ තේරීම් කාරක සභාව පත්විය. එහි සෙසු සාමාජිකයන් වන්නේ රවුෆ් හකීම්, රවි කරුණානායක, සරත් ෆොන්සේකා, මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න, එම්. ඒ. සුමන්තිරන් යන මැති ඇමැතිවරුන්ය.
මෙම තේරීම් කාරක සභාව සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත විය යුතු අතර ඊට ඒකාබද්ධ විපක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඊයේ නම් කෙරුණේ නැත.
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වෙනම යෝජනාවක් ලෙස කඩිනමින් විවාදයට නොගැනීම නිසා විපක්‍ෂය මෙම තේරීම් කාරක සභාවට නොපැමිණෙන බව එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

0 Comments