Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තර් සමාජ කාන්තා රග්බි ශූරතාව යුද හමුදා පිලට

ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ කාන්තා සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 19-10ක ජයක් වාර්තා කළ යුද හමුදා ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගැනීමට සමත්විය.

හැව්ලොක්ස් පිටියේ පෙරේදා පැවැති මේ තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ යුද හමුදා පිලේ නායිකා දුලානි පල්ලිකොන්දගේ අවසන් තරගයේ දෙවැනි භාගයේදී විශිෂ්ට උත්සාහක දිනුම් දෙකක් තබමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගිය අතර තරගාවලියේ ශූරිය බවට ද පත්වූවාය.

පසුගිය වසරේ ශූරියන් වූ නාවික හමුදා පිල තරගයේ පළමු භාගයේදී දැඩි අභියෝගයක් එල්ල කළ ද දෙවැනි භාගයේ තරගයේ පාලනය සියතට ගැනීමට යුද හමුදා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

දුලානි පල්ලිකොන්දගේ මෙහෙයවූ ජයග්‍රාහී යුද හමුදා පිලට නදීකා මුණසිංහ, දිනේෂා සිල්වා, ඩී.ජී.අශෝකා, දිනූෂා මධුවන්ති, දිලිනි කාන්චනා, ශානිකා ඩිලානි, නිමේෂා සුදර්ශනී, චාරනී ලියනගේ, රුක්ෂානි ආරියසේන, නිල්මිණී වීරසිංහ සහ අයේෂා පෙරේරා ඇතුළත් වූහ.

මේ අතර යුද හමුදා ‘බී‘පිල ලකුණු 20-0කින් පරාජය කළ ගුවන් හමුදා පිල තරගාවලියේ පළඟ ශූරතාව දිනාගත් අතර සබරගමුව ක්‍රීඩා සමාජය ලකුණු 48-7කින් පරදවා බඳුන ශුරතාව දිනාගැනීමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවෝ සමත්වූහ. පළිහ ශූරතාව දිනාගනු ලැබුවේ දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 36-0ක ජයක් වාර්තා කළ නාවික හමුදා සංවර්ධන කණ්ඩායම විසිනි.

ශ්‍රී ලංකා කාන්තා රග්බි අනුග්‍රාහක ලෙස කටයුතු කරන ‘සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධානි ටෙඩ් මුත්තයියා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති අතර ඊට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නියෝජ්‍ය සභාපති රිස්ලි ඉල්යාස්, කාන්තා රග්බි කමිටුවේ ප්‍රධානී ධම්මික ගුණසේකර මහත්වරු ද එක්වූහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();