Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදුල්ල ක්‍රීඩාංගණයේ සංවර්ධනයට මිලියන 48ක්

හාලිඇල සමූහ ආර්.එම්.විජේරත්න

ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවා ඇති දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ බදුල්ල ප්‍රධාන ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය හා විදුලි ආලෝක පද්ධතිය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත මේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන විස්සක මුදලක් හා විදුලි ආලෝක පද්ධතිය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන විසි අටක මුදලක්ද වැයකිරීමට නියමිතය.

මේ මුල්ගල් තැබීමේ අවස්ථාවන්ට බදුල්ල මහ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි, ඌව පළාත් සභා මන්ත්‍රී එම්.සචිත්තානන්දන් යන මහත්වරුන් සහ බදුල්ල නාගරික මන්ත්‍රීවරුන් රැසක්ද බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු නිලධාරීන්ද එක්ව සිටියහ.

ඡායාරූප - හාලිඇල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();