රුපියල් මිලියන විසිදහසක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් 22 දා පැවැත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට හතර ගුණයකට අධික ඉල්ලුමක් තිබුණු බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
දින 91කින්, දින 182කින් සහ දින 364කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා පැවැති අධික ඉල්ලුම පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 4500ක් වටිනා බිල්පත් සඳහා රුපියල් මිලියන 15583 ඉල්ලුමක් පැවති බව කියා සිටියි.
රුපියල් මිලියන 13000ක් වටිනා දින 364කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 60152ක ඉල්ලුමක් මෙවර වෙන්දේසියේදී ලැබී තිබේ. ඒ අනුව අධික ඉල්ලුමක් පැවති දින 364 බිල්පත් වලින් රුපියල් මිලියන 15500 පිළිගත් බවද මහ බැංකුව කියයි.

0 Comments