2016 හා 2017 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීම සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම මෙවර සිදුවෙනවා. 2012, 2103 වසරවල විද්‍යාපීඨ බඳවාගැනීම් ප්‍රමාදවීම හේතුවෙන් මතුවු ගැටලු ද නිරාකරණය කරමින්, ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් මත 2018 වර්ෂය සඳහා කණ්ඩායම් දෙකක් වශයෙන් බඳවා ගැනීමට නියමිතයි.
මේ අනුව පාඨමාලා 27 ක් සඳහා 2016 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිළුල මත 4000 ක් ද, 2017 වර්ෂයේ ප්‍රතිඵල මත 4000 ක් ද වශයෙන් මුළු ශික්ෂණලාභීන් 8000 ක් දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19 ක් සඳහා බඳවා ගැනීමට නියමිතයි.
2019 ජූනි මස මුල් සතියේ දී සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි තැපැල් කිරිම සිදු කෙරෙන අතර ජූනි මස තෙවන සතියේ සිට විද්‍යාපීඨ මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කිරීමට නියමිතයි.
The post ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2019 ජූනි මස appeared first on Lanka News Column.
0 Comments