Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රහාර‍යෙන් මියගියවුන් සමරා සර්ව ආගමික පින්කමක්

කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ ආත්මයන්ට ශාන්තිය හා මොක්සුවය මෙන්ම තුවාල ලැබු ජනතාවට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමින් නොර්ටන්බ්‍රිජ් නගරයෙදී මැටිපහන් 1500 ක් දල්වා සර්ව ආගමික වතාවත් පැවැත්ම ඊයේ (25) රාත්‍රියේ සිදු කරනු ලැබීය.

ඉකුත් 21 වන පාස්කු ඉරිදා දේව මෙහෙයන් සදහා සහභාගිවී සිටි ජනතාව ඉලක්ක කරමින් ක්‍රිස්තු දේවස්ථාන තුනක හා හෝටල් කීපයක සිදුවු මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයන්ට ලක්වී මියගිය මෙරට මෙන්ම මියගිය විදේශිය සංචාරක බැතිමතුන් සිහි කිරිම හා ඔවුන් අදහනු ලැබු ආගමික විශ්වාසය අනුව මොක්සුවය ප්‍රාර්ථනා කිරිම හා දැනට තුවාල සදහා ප්‍රතිකාර ලබමින් සිටින සියලුමදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ආගමික වතාවත් පවත්වමින් පිං අනුමොදන් කිරිම මෙහිදි සිදු කළහ.

නෝර්ටන් බ්‍රිජ් විහාරස්ථානයේ නගරයේ හා විමලසුරේන්ද්‍ර ජලාශයේ බැම්මේ හා පොලිසිය පරිශ්‍රයේ පහන් දැල්වීම සිදු කළ අතර විහාරස්ථානයේ දී හා නගරය මධ්‍යයේදී අාගමික වතාවත් සිදුකරන ලදී.

නෝර්ටන් බ්‍රිජ් තරුණ පිරිස විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරින්, විමලසුරෙන්ද්‍ර විදුලිය බලාගාර නිලධාරීන් හා ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.

හැටන් සමුහ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();