පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
නාවලපිටියේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.
එම සැකකරුවන් වන්නේ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ය.
ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කෙරිණ.

0 Comments