Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බළන්ගොඩින් ඇල්ලූ වාහනයේ රහසිගත අඟල් හතරක තට්ටුවක්

බළන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා සැකකටයුතු කැබ්රියක් සමග පුද්ගලයෙක් පෙරේදා (25දා) අත්අඩංගුවට ගෙන ඇත. 28 හැවිරිදි නිසාර්ඩීන් නිස්ලාර් නැමති මොහු කොළඹ අරලියගහ මන්දිරය අසල ඉන්දියන් එලායන්ස් හෝටලයේ සේවකයකු බව බළන්ගොඩ පොලීසිය කියයි.

මෙම පුද්ගලයා පසුගිය 16දා සිය නිවසට පැමිණ ඇත්තේ අායතනයේ කැබ් රියකින් බව කියන පොලීසිය මෙම කැබ්රිය පිළිබඳ සැක මතුවීමෙන් පසු පරීක්ෂාවකට ලක් කර ඇත. කැබ්රිය අඟල් 4 ක තීරුවක් වන සේ තට්ටුවක් සකසා තිබූ බවද අනාවරණය වී ඇත. සැකකරුගේ නිවසේ අල්මාරියේ තිබී ටී. 56 තුවක්කුවක් සහ පතොරම් දෙකක් හමුවී ඇති අතර ඔහු සතුව ජංගම දුරකථන 03 ක් සිම් කාඩ්පත් 9 ක්, පාර්ලිමේන්තුවේ ඇතුළත සැලැස්මක් හා පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත් 06 ක් තිබී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 25 වැනිදා පස්වරු බළන්ගොඩ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජන්තලාල් මහතා ඇතුළ නිලධාරීහු විමර්ශන මෙහෙයවති.

බෙලිහුල්ඔය සමූහ - සමන්තා කංකානම්ගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();