වවුනියාවේ තාණ්ඩික්කුලම පම්පමඩු මාර්ගයේ පිහිටි ගව ඝාතකාගාරයේ වළකට වැටී පසුගියදා (25දා) දහවල් පුද්ගලයන් හතර දෙනෙකු මරුමුවට පත්ව තිබේ. මේ පුද්ගලයන් හතර දෙනා ගව ඝාතනාගාරයේ වළක් සුද්ධ පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේදී ඒ වළ තුළට ඇද වැටී ඔවුන් මිය ගොස් තිබේ.
සෙසු පිරිස වහාම ඔවුන් ගොඩ ගෙන වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් ඇතත් ඒවන විට තුවල ලැබූ හතර දෙනාම මියගොස් ඇත. ගව ඝාතනයේදී ගලාගෙන යන රුධිරය ඇතුළු අපවිත්‍ර දේ මෙම වලට එකතු වන අතර කාලයක්ම එය පිරිසිදු නොකිරීම නිසා මෙදින එය පිරිසිදු කිරීමට යොදා ගෙන ඇත.
එසේ පිරිසිදු කරමින් සිටියදී සේවකයින් හතර දෙනා ලිස්සා ගොස් එම වළට වැටී එහි වූ අපවිත්‍ර දේ ශරීරගත වීමෙන් මරණය සිදුව ඇතැයි වාර්තාවේ. ඔවුන්ගේ මළ සිරුරු වවුනියාව මහ රෝහල වෙත රැගෙන එන ලද අවස්ථාවේදී මළ සිරුරු වලින් දැඩි දුගදක් හමමින් තිබුණි.
වවුනියාවේ මෙම ලියාපදිංචි ගව ඝාතනාගාරය අයත්ව ඇත්තේ වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන් මහතාගේ පවුලේ සාමාජිකයින් සතුවය. මියගිය අයගේ මෘත ශරීර හතර වවුනියාව රෝහලේ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව රෝහල් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
0 Comments