දඹගල්ල අලයාය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 13ක් වටිනා බඩඉරිඟු ඇට කිලෝග්‍රෑම් 31612ක් ලබාගෙන මුදල් නොදී වංචා කළ ව්‍යාපාරිකයකු මොනරාගනල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරික සැකකරු ගොවිදුපුර ප්‍රදේශයේ තිස්එක් හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇත. දඹගල්ල අලයාය ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුව මේ බව අනාවරණය වේ.
මෙම පැමිණිල්ල විමර්ශනය කළ කොට්ඨාස දූෂණ මර්දන ඒකක නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 2018 වසරේ නොවැම්බර් මස 03 දින පැමිණිලිකරු සැකකරුට රුපියල් ලක්ෂ 13 වටිනා බඩ ඉරිඟු අට තොගය ලබාදී ඇත. සැකකරු ඒ සඳහා චෙක්පතක් පැමිණිලිකරුට ලබාදී ඇත. ඔහු නියමිත දිනයේදී චෙක්පත ගිණුම්ගත කළ පසු එම චෙක්පත අගරු චෙක්පතක් බව අනාවරණය වීමෙන් පසු බඩඉරිඟු ඇට සඳහා සැකකරුගෙන් මුදල් ඉල්ලා ඇතත් එම මුදල් ලබාදී නැති බව අනාවරණය වෙයි.
විමර්ශන වලින් සිද්ධිය අනාවරණය කරගත් නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සියඹලාණ්ඩුව විශේෂ ගුණපාල ලියනගේ

0 Comments