2016 වසරේ දී වැල්වම්පිටිය ප්‍රදේශයේදි චුටි උක්කුන් ඇතුළු 05දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වු දැනට බන්ධනාගාරගත කර සිටින කුඩු රෝෂාන්ගේ බිරිඳ වන ‘අරුණි බබා‘ නැමැති 30 හැවිරිදි කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ සිය සැමියා විසින් පත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් සිටින බවට ලද තොරතුරක් මත අද (27)උදැසන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එම ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
එම අවස්ථාවේ දී අදාළ සැකකරිය සතුව තිබි මත්කුඩු ග්‍රෑම් 3ක් සහ මත් ද්‍රව්‍ය විකුණා ලද මුදල් රුපියල් ලක්ෂ 10ක් තිබි පොලිස් භාරයට ගෙන තිබේ.
ඇයගෙන් කළ ප්‍රශ්න කිරම්වලදි හෙළි වු තොරතුරු අනුව එම පිරිස විසින් කුලී පදනම මත රාගම සහ කඩවග ප්‍රදේශවලින් මිල දී ගත් නිවාස දෙකක් පිලිබඳ කරුණු අනාවරණ වි ඇත.
ඉන් අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදි කඩවත නිවසේ සිට තවත් සැකකරුවෙකු අත්අඩංගුට ගෙන ඇත.
මෙම පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ තෙල් චුටී නොහොත් මඩුවන්ගේ ගෙදර සාලින්ද ධර්මසිරි රණසිංහ යන අය බව හදුනාගෙන තිබේ. ඔහු මානුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලා වු පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 2ක් , අයිස් නැමැති මත් කුඩු මිලි ග්‍රෑම් 100ක් සහ රුපියල් ලක්ෂ 07කට අධික මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

0 Comments