අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස උපයාගත් බවට චෝදනාවන්ට කරමින් හිටපු අමාත්‍ය හා ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි.
මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා ඉදිරියේ කැඳවන ලදි.
2010 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014.12.31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම අභිභවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

0 Comments