Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු බෲස් යර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි

 ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන්නෙක් මෙන්ම පුහුනුකරුවෙක් වූ බෲස් යර්ඩ්ලි අභාවප්‍රාප්ත වෙයි.
 
මිය යන විට ඔහු 71වැනි වියෙහි පසු විය. 
 
දිගු කලක සිට පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටි බෲස් යර්ඩ්ලි, බටහිර ඔස්ට්‍රේලියාවේ රෝහලක දී අද(27) මිය ගිය බව විදෙස් වාර්තාවල සදහන් වේ. 
 
1996 සිට 1998 කාල වකවානුව තුළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද ඔහු කටයුතු කරන ලදි. 
 
මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලදී මුරලි වෙනුවෙන් බෲස් යර්ඩ්ලි පෙනී සිටියේය. 
 
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 33ක දී කඩුළු 126ක් දවාගෙන ඇති  බෲස් යර්ඩ්ලි එක්දින ජාත්‍යන්තර තරග 07ක් වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();