Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාපෙ - එජනිස යළිත් ජාතික ආණ්ඩුවක් : ඇමැති ධුර සංශෝධනයක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම මත ඉතා ඉක්මනින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව ආණ්ඩු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප‍්‍රකාශ කළේය.

ඒ අනුව අය වැය විවාදය සිදුවන අතරතුරදී හෝ විවාදය අවසන් වූ වහාම එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට දෙපාර්ශ්වය පියවර ගනු ඇතැයිද හෙතෙම කියා සිටියේය. 

යළි ජාතික ආණ්ඩුවකට යෑමට ජනාධිපතිවරයාගේ ද අකමැත්තක් නැතැයි කී ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සියලූ දෙනා ඊට සහාය පළ කරන බව ද කීවේය.

ජාතික ආණ්ඩුව පිහිටු වූ පසුව යළි ඇමැති ධුර, නියෝජ්‍ය ඇමැති ධුර, රාජ්‍ය හා කැබිනට් නොවන ඇමැති ධුරවල සංශෝධනයක් සිදුවනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ජාතික ආණ්ඩුවකට යෑම ස`දහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේදැයි අප සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම කියා සිටියේ ඒ වෙනුවෙන් අලූතින් යෝජනාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවය. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුව සමග සිටින නිසා මේ වන විටත් පවතින්නේ ජාතික ආණ්ඩුවක් යැයි කී කිරිඇල්ල මහතා ඉදිරියේදී සිදුවන්නේ ඇමැතිවරුන් ලෙස ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීම යැයිද කීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරයක් දෙනා තීරණය කර තිබුණත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ආණ්ඩු යෝජනාව ද ඉවත් කර ගනු ලැබීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පොදුජන පෙරමුණ අතර පුළුල් සංධානයක් ගොඩනැගීම සඳහා පැවැති සාකච්ඡුා සියල්ල අසාර්ථක වීම නිසා ජනාධිපතිවරයා යළිත් වරක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තම කැමැත්ත පළකර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();