Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංස්කෘතියට ගරු කරමින් නවීන ලෝකය ජයගත හැකි උගත් බුද්දිමත් තරුණ පරපුරක් රටට බිහිවිය යුතුයි

අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අපගේ සංස්කෘතියට හා  සම්ප්‍රදායට ගරු කරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රට තුළ බිහිවිය යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ හේනේගම මධ්‍ය විද්‍යාලයේ 75 වන සංවත්සර උලෙළට අද (26) එක්වෙමිනි.

සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අප අධ්‍යාපනය ලැබිය යුත්තේ රැකියාවක් ඉලක්ක කර ගනිමින් පමණක් නොව ලෝකය සහ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් බවය. මෘත භූමියේ කීර්තිය දසත පැතිරිය හැකි උගත් දරු පරපුරක් රට තුළ ගොඩනැඟිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

1944 වසරේදී ආරම්භ කළ හේනේගම මධ්‍ය විද්‍යාලය, මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ මෙරට බිහිවූ 11 වන මධ්‍ය විද්‍යාලයයි. මේ වන විට සිසුන් 3200කට ආසන්න පිරිසක් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර විද්‍යා, කලා, වාණිජ සහ තාක්ෂණ විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.

හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවයි.

විද්‍යාලයේ විශිෂ්ඨතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

The post සංස්කෘතියට ගරු කරමින් නවීන ලෝකය ජයගත හැකි උගත් බුද්දිමත් තරුණ පරපුරක් රටට බිහිවිය යුතුයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();