Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාලක සිල්වා උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Author(s): 
සුභාෂිණී සේනානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තවදුරටත් ලබන අප්‍රේල් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (26) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයාට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර නැති බව අධිකරණයට කියා සිටි නීතිඥ අජිත් පතිරණ මහතා ඔහු සුදුසු බැදුම්කරයකට යටත්ව හෝ මුදා හරින ලෙස අධිකරණයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් වන නියෝගය ඉදිරි නඩු දිනය ලබා දීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

සැකකරුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් සැකකරුට දැනුම් දෙන ඔ්නෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටිමට හැකිවන ලෙස සුදුසු බැදුම්කරයක් මත මුදා හරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අධිකරණයේ පෙනි නොසිටි අතර ඒ මහතා අසනීප තත්ත්වයෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවට වෛද්‍ය සහතිකයක් බන්ධනාගාගර මගින් ඉදිරිපත් කර තිබු අතර ඉදිරි දින සැකකාර නාලක සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ අතර සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනක් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();