ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රාජ්‍යසේවා එක්සත් හෙද සංගමය ඊයේ (26) ක්‍රියාත්මක කළ හෙද වර්ජනය අසාර්ථක බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සංගමයේම සාමාජිකයින් වර්ජනයට සහභාගි වී නොමැති බවත්, වත්මන් ආණ්ඩුව හෙද අයිතිවාසිකම් ලබා දෙමින් ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදාළ සංගමයේ සාමාජිකයන් බුද්ධිමත්ව සිතාබලා වර්ජනයට සහභාගි නොවීම විශේෂත්වයක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට සීමාවාසික පත්වීම් ලබාදීමේ උත්සවයට සහභාගි වෙමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇමැතිවරයා මේ බව ඊයේ (26) පැවැසුවේය. තම ඉල්ලීම් සාකච්ඡා මගින් විසඳා ගත හැකි රජයක් පැවතියදී වැඩවර්ජනයකට අවතීර්ණ වී ඇත්තේ දේශපාලන වුවමනාවක් මත යැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

0 Comments