Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Facebook එකෙන් හඳුනාගෙන ගාල්ල නගරයට ගෙන්වා ළාබාල දැරියකට අතවර කරයි

බාලවයස්කාර දැරියන් දෙදෙනකු පැහැර ගෙන ගොස් එයින් එක් දැරියක් දූෂණය කිරීමට අවස්ථාව සලසා දුන්නේ යැයි ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද ගාල්ල ප‍්‍රදේශයේ සැකකරුවෙකු අපේ‍්‍රල් මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇල්පිටිය මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා පෙරේදා (24) නියෝග කළේය.

එම දැරිය දූෂණය කළ බව කියන සැකකරුද පොලීසිය විසින් හ`දුනාගෙන තිබෙන බවත් ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා පරීක්ෂණ පවත්වන බවත් ඇල්පිටිය පොලීසිය කියයි. 

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ගාල්ලේ පදිංචි සුමුදු ලක්මාල් (21) නැමැති අයයි. අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ හබරාදූවේ පදිංචි ගල්බොක්කහේවා මලිදු ප‍්‍රසාද් (19) නැමැති අයයි.

දූෂණයට ලක්ව ඇත්තේ ඇල්පිටිය ප‍්‍රදේශයේ විදුහලක පදිංචි 15 හැවිරිදි දැරියක් බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පළමු සැකකරු මෙම දැරිය ෆේස් බුක් එක හරහා හ`දුනාගෙන තිබේ.

ඔහු දැරියට පසුගිය 13 දා ගාල්ල නගරයට පැමිණෙන ලෙස දන්වා තිබෙන අතර දැරිය පැමිණ ඇත්තේ ඇයගේ යෙහෙළියක් වන 13 හැවිරිදි දැරියද සමගය. පළමු සැකකරු මෙම දැරියන් දෙදෙනා දැකීමෙන් පසු කුඩා දැරියන් බව අවබෝධ කර ගෙන දැරියන් මගහැර ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();