Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙමටගොඩ චමින්දගේ සොයුරාගේ නිවසේ ගිනිඅවි තොගයක්

Author(s): 
විජයානි එදිරිසිංහ
උපාලි කරුණාරත්න

විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී (අපරාධ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ රට පුරා සිදු කෙරෙන අපරාධ මෙහෙයුම් ජාලයේ තවත් වැටලීමක් වශයෙන් ඊයේ (28) පස්වරුවේ දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් පාතාල නායක දෙමටගොඩ රුවන් සහ තවත් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සමඟ දෙමටගොඩ රුවන්ගේ නිවස තුළ තිබී තවත් අවි ආයුධ රැසක් සහ මත්ද්‍රව්‍යද, මුදල් රුපියල් ලක්ෂ පනහක්ද සොයාගෙන තිබේ.

ඊයේ (28) පස්වරු 5.00ට පමණ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් විශාල පිරිසක් යොදා ලතීෆ් මහතාට ලැබුණ ඔත්තුවකට අනුව දෙමටගොඩ පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වූ දෙමටගොඩ රුවන් ඇතුළු මෙම කණ්ඩායමේ පාකිස්ථාන ජාතික යුවළක්ද සිටි බව පොලිසිය කියයි.

පිස්තෝල දෙකක්, වායු පිස්තෝලයක්, උණ්ඩ රැසක්, කඩු කිණිසි ඇතුළු ආයුධ රැසක් සහ කොකේන් මිලිග්‍රෑම් ප්‍රමාණයක්ද එම නිවසේ තිබී එසේ සොයා ගෙන තිබේ. මෙම ආයුධ සහ පාතාල සාමාජිකයින් එක් රැස් කරගෙන දෙමටගොඩ රුවන් විසින් කුමක් හෝ අපරාධයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන්නට ඇති බවද සැක කෙරේ.

සැකකරුවන් සහ අදාළ භාණ්ඩ දෙමටගොඩ පොලිසිය හරහා අද (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ගයාන් කුමාර වීරසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();