අභාවප්‍රාප්ත ප්‍රවීණ ජනමාධ්‍යවේදී ජයතිලක ද සිල්වා මහතා ගේ දේහයට ජනාධිපතිවරයා පෙරේදා (27දා) පස්වරුවේ අවසන් ගෞරව දැක්වූයේය. 'ඩේලි නිව්ස්' සහ 'සන්ඩේ ඔබ්සවර්' යන පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘවරයකු වන ජයතිලක ද සිල්වා මහතා ප්‍රකට ලේඛකයෙකු මෙන්ම අධ්‍යාපනවේදියෙකු ද වේ. ඔහු මිය යන විට අසූ වැනි වියේ පසුවිය. නාවල පිහිටි ඒ මහතා ගේ නිවසේ දී දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජයතිලක ද සිල්වා මහතා ගේ බිරිඳ සහ දරුවන් වෙත තම සාතිශය සංවේගය පළ කළේය.
ඡායාරූප - උදේශ් ගුණරත්න, ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments