ශ්රී ලංකාව අමෙරිකාවේ සැබෑ මිතුරකු බවත් 2015 සිට ප්රථම වතාවට අමෙරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමයේ තමා දෙරට අතර ඇති කළ බොහෝ ද්වීපාර්ශ්වීය මිත්ර සබඳතා මේ වන විට ප්රයෝජනවත් අයුරින් මල්පල ගෙන තිබීම ගැන සතුටක් ඇති වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිනී සමන්තා පවර් කීවාය. මේ වන විට තමන්ගේ අලුත්ම ග්රන්ථය රචනා කිරීමේ නිරතව සිටින බැවින් ගෙදර දොරේ වැඩකටවත් නිදහසක් නැතත් කිලෝ මීටර් 8,000ක් තරම් දුර ගෙවාගෙන මෙහි පැමිණීමට වැදගත් හේතුවක් තිබෙන බවත් ඒ අන්කිසිවකු නොව මංගල සමරවීර ඇමැතිවරයා බවත් ඇය කීවාය. අමෙරිකානු ආණ්ඩුවේ වසර අටක සේවා කාලය අතරතුර තමන්ට හමු වූ අමතක නොවන කිහිපදෙනා අතර මංගල සමරවීර සිටීම මෙම අවස්ථාවට සහභාගී වීමට ප්රධානතම හේතුවක් වී යැයි ද වැඩිදුරටත් කීවාය. සමන්තා පවර් මේ බව ප්රකාශ කළේ මංගල සමරවීර මහතාගේ සේවා කාලය අගය කරමින් ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සව සභාව අමතමිනි.
බුද්ධි කරුණාරත්න
0 Comments