වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පත්වීම් ලබාදීම අත්හිටුවමින් ඉකුත් පෙබරවාරි 26 දින නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ලබන අප්‍රේල් මස 02 දින තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) තීරණය කෙළේය.
සීමාවාසික පත්වීම් ලැබීමට සුදුසුකම් ලබා සිටින තමන්ට එම පත්වීම් ලබා නොදී වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට සීමාවාසික පත්වීම් ලබාදීමට එරෙහිව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කෙළේය.
මෙම පෙත්සම ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි සලකා බැලුණු අතර පෙත්සම විභාග කිරීමට අවසර දුන් අධිකරණය එම සීමාවාසික පත්වීම් ලබාදීම ඊයේ (27) තෙක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය.

0 Comments