ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය
ඖෂධ මිල අඩුකර රටපුරා රෝහල් වල මූලික භෞතික පහසුකම් නංවමින් සෞඛ්‍ය සේවයට රජය සිදු කර ඇති මෙහෙවර ඇගැයීමට හා ගෞරවයට ලක්කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ සඳහා උර දුන් ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රශංසාවට ලක් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, රමේෂ් පතිරණ , අමාත්‍ය දිලිප් වෙදආරච්චි, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඇතුළු පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපය ඇගයීමට ලක් කළහ.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පිළිබඳව කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කරමින් කතාකළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ගතවූ වසර හතරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය අගය කළේය. ජාතික ඖෂධ අධිකාරි පනත සම්මත කර අත්‍යවශ්‍ය ඖෂධ වල මිල අඩු කිරීම, අක්ෂි කාච ලබාදීම, ස්ටෙන්ට් ලබාදිම, ආදිය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවය සඳහා ලබාදුන් මිල කළ නොහැකි සේවාවන් බවද සඳහන් කළේය. එමෙන්ම සෞඛ්‍ය සේවය සඳහා දිගු කාලයක් පුරා ලබාදුන් දායකත්වය හේතුවෙන් රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට අප සමත්ව ඇති බවද නලින්ද ජයතිස්ස මහතා සිහිපත් කළේය.
එමෙන්ම විවාදය සඳහා එක්වූ කළුතර දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රාජිත සේනාරත්න මහතා ඉටුකරන සේවය පිළිබඳව සිය ස්තුතිය පිරිනැමීය.
රෝහිත අබේගුණවර්ධන මහතා- රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරනවා. නාගොඩ රෝහල ඇතුළු රටපුරා රෝහල් වලට අවශ්‍ය භෞතික සම්පත් ලබාදීම වෙනුවෙන් මම එතුමාට ස්තූතිය පිරිනමනවා. දේශපාලන භේද මොනවා වුනත් මම එතුමාට ස්තුතිය පිරිනමනවා.
ගාල්ල දිස්ත්‍රීක් මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා- මේ ආණ්ඩුව යටතේ සෞඛ්‍ය සේවයේ සාධනීය වෙනසක් සිදුවී තිබෙනවා.
මොණරාගල දිස්ත්‍රීක් මන්ත්‍රීනි සුමේධා ජී ජයසේන මහත්මිය(එජනිස) - සෞඛ්‍ය සේවය සඳහා ඉතා හොද වැඩ කොටසක් ඉටුකළ ඇමතිවරයෙක් ලෙස රාජිත සේනාරත්න මහතාට අපගේ ගෞරවය පිරිනමනවා. ඖෂධ මිල අඩු කිරීම, හෘද රෝගින්ට ස්ටෙන්ට් නොමිලේ ලබාදීම, පිළිකා රෝගින්ට ජීවිතාන්තය දක්වා ඖෂධ ලබාදීම අගය කළ යුතුයි.
කුරුණෑගල දිස්ත්‍රීක් මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා- සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවයට ඉටුකර ඇති සේවය අති විශාලයි. විශේෂයෙන්ම ගල්ගමුව රෝහල ඉදිකර පහසුකම් පුළුල් කිරිම වෙනුවෙන් එතුමා මැතිහත් වුණා. අපගේ එම රෝහල වෙනුවෙන් මූලික අඩිතාලම දැමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වකවානුවේදී. එහි ඉතිරි වැඩ ටික ඉටුකළේ රාජිත සේනාරත්න මහතා විසින්
මිට අමතරව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්ය භාරය ඇගයීමට ලක් කළේය.

0 Comments