Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාතර ජර්මානු කාර්මික ආයතනයට ජර්මානු රජයෙන් යූරෝ මිලියන 11ක්

ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතර දී ස්ථාපනය කිරීම සඳහා යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු රජය එකගතාව පළ කරයි. මුදල් ඇමැති මංගල සමරවීර මහතා විදේශ ඇමැතිවරයාව සිටිය දී 2015 වසරේ දී ජර්මානු රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ සඳහා යුරෝ මිලියන 11ක් ප්‍රදානය කරන බව ජර්මානු රජය විසින් අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ. 2015 වසරේ දී කරන ලද මෙවැනි ම ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ ද ජර්මානු පුහුණු කිරීමේ ආයතනයක් 2016 වසරේ දී ඉදි කෙරිණි. දෙවැන්න මෙසේ මාතර ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දකුණේ තරුණ තරුණියන්ට තාක්ෂණික ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම ලබා ගැනීමට මහගු අවස්ථාවක් උදා වනු ඇත.

විශ්ව විද්‍යාලවල ඉඩ පහසුකම් සීමිත වීම හේතුවෙන් උසස් පෙළ සමත්ව එහෙත් විශ්ව විද්‍යාල වරම් නොලබා සමාජ ගත වන තරුණ තරුණියන් අපේක්ෂාභංගත්වයට පත් වීමට ඉඩ නොදී ජාත්‍යන්තර මට්ටමේ කාර්මික තාක්ෂණික පුහුණුව ලබා දීම රජයේ අපේක්ෂාවයි. වෙළෙඳපොළ අවශ්‍යතාවට සරිලන පරිදි විධිමත් පුහුණුවක් ලබා දීම තුළින් හැකියාවන්ගෙන් පිරිපුන් පිරිසක් බිහි කර ජාතික ආර්ථිකයට තරුණ දායකත්වයක් ලබා ගැනීමට රජය ගෙන ඇති පියවර මෙමගින් සාර්ථක කර ගත හැකි වනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();