බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි,
13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් ඔවුන්ගේ දෙවැනි අධ්‍යයන වර්ෂයේදී පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක් වෙත ගොස් වෘත්තීය පුහුණුව ලබා ගත යුතු බැවින් පාසල් හරහා ඒ සඳහා ආයතන ගත වන සිසුන්ට ප්‍රවාහන හා අනෙකුත් වියදම් ආවරණය කර ගැනීම සඳහා රුපියල් 500ක දෛනික දීමනාවක් ලබා දීමට රජය තීරණය කරයි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

0 Comments