කොත්මලේ හා මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ට්ම් පහළ බැසීමත් සමඟ එම ජලාශ ඉදි කිරීමේදී යටවූ පැරණි ගම්මානවල නටබුන් යළි මතුවීමට පටන් ගෙන තිබේ.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ බැසීම නිසා 1979 වර්ෂයේ කොත්මලේ ජලාශය ඉදි කිරීමේදී ජලාශයට යටවූ කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වනවිට මතුව ඇත.මාවුස්සාකැලේ ජලාශය ඉදි කිරීමේදී ජලයෙන් යටවූ ශ්‍රි සම්මුගනාදන් හින්දු ගණදෙවි කෝවිලේ මතු වීමත් සමඟ ප්‍රදේශවාසීන් එහි ගොස් පුජා කටයුතු පැවැත් වීමට පියවර ගෙන ඇත.විහාරස්ථානයේ හා කොවිලේ නටබුන් සිඳී ගොස් ඇති ජලාශවලින් මතුව තිබෙන අයුරුයි මේ.
ඡායාරූපය-අසේල කුරුළුවංශ

0 Comments