ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගමන් කළ යුත්තේ කවර දිශාවකට දැයි සාකච්ඡා කරන සංවාදයක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අතර පැවැති විවෘත සාකච්ඡාවට සැම දෙනාගේම ප්‍රසාදය පළ විය.
ඒ අවස්ථාවේ අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා, රටේ පෞද්ගලික අංශය වෙත තමන්ගේ පූර්ණ විශ්වාසය තබන බවත් ඔවුන් සමඟ ඉදිරි ගමනක් යා හැකි බවට තමන්ට විශ්වාස බවද කීවේය.
රටේ ආර්ථිකය නංවාලීමට නම් මූල්‍ය පදනම ශක්තිමත් කළ යුතු යැයි කී ඔහු පෞද්ගලික අංශයට ව්‍යාපාරික කටයුතු පහසු කිරීමට මූල්‍ය පහසුකම් සුලභ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මේ අතර ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික අංශය කෙරෙහි යොමු කර ඇති අධික බදු නිසා ව්‍යාපාර කරගෙන යෑමට බාධා එල්ල වන බවයි.
බැංකු පොලී අනුපාත සහ බදු සීමා අධික යැයි වූ එම අදහසට පිළිතුරු දුන් අගමැතිවරයා පෙන්වා දුන්නේ රුපියල ශක්තිමත් කිරීමට ගෙන යමින් ඇති පියවර හමුවේ පොලී අනුපාත පහළ බැසීමට පටන්ගනු ඇති බවත් රුපියල් බිලියන 30ක් මූල්‍ය වෙළෙඳපොළට එකතු කිරීමට රජය කටයුතු කිරීම මඟින් ද්‍රවශීලතාව වර්ධනය කිරීම මඟින් එම ගැටලුවට සාර්ථක පිළිතුරක් දීමට හැකි වනු ඇතැයි ද අගමැති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකු සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කීවේය.
2015 ආණ්ඩුව බලයට පත්වූ විගසම රජයේ ආදායම් වර්ධනය කිරීමට බදු සහ පොලී ආදායම් ඉහළ දැමීමට සිදු වූ බව අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. වෙළෙඳපොළේ ද්‍රවශීලතාව වර්ධනය කිරීම මඟින් පෞද්ගලික අංශයට තමන්ගේ කටයුතු පහසු කරගත හැකිය.
තමන් බලයට පත්වූ විගසම සිදු කළේ රටේ තිබූ විශාල ණය බර ගෙවා දැමීමට කටයුතු කිරීම යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය. ඉදිරි වසර 5 ඇතුළත රටේ ආර්ථිකය පරිවර්තනයකට ලක් වේ යැයි අපේක්ෂා කෙරේ. දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 80ක දැනට පවතින ණය අනුපාතය සියයට 34කට අඩු කිරීමට ඉලක්ක කෙරේ.
දියුණුව සඳහා තාක්ෂණය යොදාගැනීම ඉතාම වැදගත් කාරණාවකි. එය රජයේ කටයුතු කාර්යක්ෂම කිරීමට හේතු වන අතර එයින් මතු වන ප්‍රශ්නය නම් රජයේ සේවකයන් සංඛ්‍යාව අඩු වීමයි.
මෙය රැකියා සම්බන්ධ ප්‍රශ්නයක් මෙන්ම ලෝකයේ ජනගහනයට සාපේක්ෂව වැඩිම රජයේ සේවකයන් පිරිසක් සිටින රටක් ලෙසද අප රට ඉදිරියෙන්ම සිටියි. ඒවා වේගවත් සංවර්ධනයකට බාධා කරවයි. ඡන්දය ප්‍රකාශය කිරීමේ දී මේ රජයේ සේවකයන් ප්‍රබලතම බලපෑමේ කණ්ඩායමක් ලෙස කටයුතු කරයි.
රජයේ අරමුදල් ශක්තිමත් කිරීමට සහ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ නිවාස ආදී සමාජ ආරක්ෂක පහසුකම් ඇති කිරීමට බදු ආදායම වැදගත් වේ. රටේ වයස්ගත ජනගහනය වර්ධනය වීමත් සමඟ සෞඛ්‍ය සේවය වැනි අනෙකුත් සේවාවලට යන වියදම ඉහළ යයි. ඒ නිසා මූල්‍ය අවශ්‍යතා පිරිමසා ගැනීමට නව බදු ගෙවන්නන් සොයා ගැනීමට සිදුවේ.
වැලිබල් ගෲප් වන් සභාපති ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අදහස් පළ කරමින් රැකියා වර්ධනය කරන, නවෝත්පාදන බිහි කරන, රටේ වත්මන් මධ්‍යම මට්ටමේ ආර්ථිකයෙන් ඉහළට ගිය වර්ධනයකට යා යුතු යැයි පෙන්වා දුන්නේය.
මෙහිදී ඔහු ප්‍රකාශ කළේ වැඩි වැඩියෙන් රැකියා ජනිත කරන ආර්ථිකයක් කරා යා යුතු බවයි. අැමෙරිකාවේ ආර්ථික සංවර්ධනය තක්සේරු කරන්නේ කාර්තුවෙන් කාර්තුවට ජනනය කරන රැකියා ගණන පදනම් කරගෙන බව ඔහු වැඩිදුරටත් කීවේය.
දැනට අමෙරිකන් ඩොලර් 4000ක මට්ටමක පවතින වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 12000කට වත් ගෙන යා යුතු යැයි කියූ ඔහු දැනට පවතින වේගයෙන් ගියහොත් ඒ ඉලක්කයට යෑමට වසර 160ක් පමණ ගත වන බව ද පෙන්වා දුන්නේය.
මේ ඉලක්කය ජය ගැනීමට ශ්‍රී ලාංකික යන සන්නාමය ඉදිරියට ගෙන යා යුතු බවත් ඒ සඳහා නව තාක්ෂණය මෙන්ම නවෝත්පාදන සහ කාර්යක්ෂමතාව ඇති කරගත යුතු බවද ඔහු වැඩිදුරටත් කීවේය.
ව්‍යාපාරිකයන්ට කටයුතු පහසු කිරීම සඳහා බදු සහන ඇති කිරීමේ වැදගත්කමද ධම්මික පෙරේරා මහතා එම අවස්ථාවේ සිය අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේය.
ඡායාරූප- හිරන්ත ගු ණතිලක
from silumina
0 Comments