Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Belluna Co. Japan ආයතනයෙන් ඩොලර් මිලියන 450ක සුවිසල් ආයෝජනයක්

30 මාර්තු, 2019

Belluna Co ක්‍ද ආයතනය ජපාන කොටස් වෙළඳපළෙහි (පළමු පන්තියේ) ආයතනයක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් නගරය, මියන්මාරය ආදී රටවල් ගණනාවක ව්‍යාපෘති ව්‍යාප්ත කළ ලෝක දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ජපන් නාමය ඉහළට එසවූ අති දැවැන්තයෙකි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවන සියලු ව්‍යාපෘතීන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක දැවැන්ත ආයෝජනයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දිගු කාලීනව රැඳී සිටීම උදෙසා ඔවුන්ගේ කැපවීම මෙම ජපන් දැවැන්තයා විසින් අපට ඔප්පුකර පෙන්වා ඇත. 447 Luna Tower ගොඩනැඟිල්ල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන Belluna Co ආයතනයෙහි ප්‍රථම අති සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය වන අතර මෙතෙක් තමන් උපයාගත් කීර්තිනාමයේ පදනම මෙම නිර්මාණය තුලින් ශ්‍රි ලංකාවේ ජනතාව වෙත පිළිඹිබු කිරීමට ඔවුන් කටයුතු කරයි. ජපාන ඉදිකිරීම් ලෝකයේ දැවැන්තයකු වන මොවුන් ජපානයටම ආවේණික උසස් නිමාව සහ ප්‍රශස්ත බවෙහි බලපරාක්‍රමය තමන්ගේ සියලු නිර්මාණ ආශ්‍රීතව රඳවාගැනීමට වෙහෙසෙයි. මෙම ව්‍යාපෘතියට පෙර ආයතනය විසින් ඉදිකිරීම ඇරඹී අනෙක් ව්‍යාපෘති අතර කොළඹ 03, මෙරීන් ඩ්‍රයිව් පාරට යාබදව කාමර 03කින් යුතු නාගරික හෝටලයක් ඉදිකිරීම, 2018 අගෝස්තු මාසයේ දී විවෘත වූ අතිශයින්ම අධිසුඛෝපභෝගී කාමර 57කින් සමන්විත ගාල්ලේ ඛැ-ටර්බා රිසෝට්, 2018 ඔක්තෝබර් මාසයේ දී විවෘත වූ විලා 70කින් සමන්විතව Le-grand ආයතනය, මාලදිවයිනේ ආරම්භ කළ සිය ප්‍රථම හෝටල් ව්‍යාපාරය වන “ j Marriott International ” සහ දැනටත් ඉදිවෙමින් පවතින බේරේ වැවේ ඉවුරු ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති ඇතුළත් වේ.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();