Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාහන ආනයනකරුවෝ වැගන් ආර් රථ ලංකාවට ගෙන්වීම නවතන සූදානමක්

30 මාර්තු, 2019

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන වැගන් ආර්, ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ විශාලතම වාහන ආයනයකරුවන්ගේ එකමුතුව වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් ඉහළ ඉන්ධන පිරිමැස්මක් සහිත වැගන් ආර් රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ජනතාවගේ බලාපොරොත්තුද සුන් වී යනු ඇතැයිද එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

2019 සඳහා වන අයවැයෙන් රථවාහන සඳහා වන බදු ඉහළ දමා ඇති මොහොතක, සාමාන්‍ය ජනතාවට වඩා පහසුවෙන් මිලදී ගත හැකිව තිබූ වැගන් ආර් රථ ආනයනය එලෙස නවතා දැමීම නිසා මෙරට රථවාහන කර්මාන්තයද කඩා වැටෙනු ඇතැයි පසුගියාද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවැසීය.

එහිදී සභාපතිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

රේගුවේ වාර්ගීකරණ කමිටුව මඟින් C 200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමඟ ගළපා MH55S WAGON R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක් සිදු නොකොට, එම රථ හයිබ්‍රිඩ් වාහනද යන්න පිළිබඳ නිසියාකාරව සොයා බලා නිෂ්කාෂණ කටයුතු සිදු කරන ලෙසට රේගුවේ මෝටර් රථ අංශය වෙත දැනුම් දීමක් සිදු කර ඇති අතර, එම උපදෙස් අනුව මෝටර් රථ අංශය මගින් MH55S WAGON R රථ හයිබ්‍රිඩ් ලෙස නොව පෙට්‍රල් රථ ලෙස නිෂ්කාෂණය කිරීම මේ වන විට සිදු කරනු ලබයි.

නමුත් මේ වන විට 50,000කට වැඩි WAGON R රථ ප්‍රමාණයක් හයිබ්‍රිඩ් ලෙස රේගුව මගින් නිෂ්කාෂණය කර ඇති අතර WAGON R රථ හා සමාන තාක්ෂණයෙන් යුත් හයිබ්‍රිඩ් රථ 200,000 ක් පමණද නිෂ්කාෂණය කර ඇත.

එමෙන්ම මෙම රථවල නිෂ්පාදකයා වන ජපන් රටේ රථ වර්ගීකරණය අනුව හයිබ්‍රිඩ් DAA යන කේතයෙන් දැක්වෙන අතර පෙට්‍රල් රථ DBA යන කේතයෙන් දැක්වේ. ඒ අනුව WAGON R රථ DAA එනම් හයිබ්‍රිඩ් ගණයට අයත් වේ.

එලෙස නිෂ්පාදකයා විසින්ම පැහැදිලි ලෙස වාර්ගීකරණය සඳහන් කළ රථයක් වන WAGON R රථ සම්බන්ධයෙන් රේගුව මගින් අත්තනෝමතික ලෙස තීරණ දීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය අප්‍රසාදය පළ කරයි.

අන්තර්ජාතික ප්‍රමිතීන් නොසලකා එසේ ලබාදෙන අත්තනෝමතික තීරණ මත ඉදිරියේදී අන්තර්ජාතිකව හයිබ්‍රිඩ් ලෙස පිළිගන්නා රථ ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් රථ ලෙස ආනයනය කළ නොහැකි තත්ත්වයක් උදාවනු ඇත.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();