Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

Author(s): 
සුභාෂිණී සේනානායක

2008 - 2009 වසරවලදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිද්ධියට අදාළව ඇප මත සිටින ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ඇතුළු දෙදෙනා ලබන මාර්තු මස පළමුවැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් දීමනී බැද්දෙවෙල මහත්මිය පසුගියදා(26) නියම කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ සහ මිගමුවේ පදිංචි බෝට්ටු හිමිකරුවෙකු වන ඇන්ටන් ප්‍රනාන්දු යන දෙදෙනාය.

පැහැර ගත් පුද්ගලයන් 11 දෙනා සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව සම්පත් මුණසිංහ යන අයට මිනීමැරුම් චෝදනා අනාවරණය වී ඇති බවත් අනෙක් සැකකරු අතුරුදන් වූ ලියොන් යන එකම පවුලේ දෙදෙනාගේ මිතුරකු බවත් ඔවුන් පැහැර ගැනීමට ආධාර අනුබල දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට කියා සිටියේය.

මේ පළමු සැකකාර සම්පත් මුණසිංහ යන අය ගිනිඅවි ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන වසරක් පමණ රඳවා සිට ඇප මත මුදා හැර සිටින බවත් අධිකරණයට කී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා ඔහුව නැවත බන්ධනාගාර ගත කිරීමෙන් අගතියක් සිදු වන බව අධිකරණය කියා සිටියේය.

තම සේවාදායකයා මුල් අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබුවේ පෞද්ගලික කෝන්තරයක් මත බවත් ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();