පාසල් තුළ සමුපකාර සමිති පිහිටුවා, ඒ මඟින් අනාගත නායකයන් බිහි කිරීමට අඩිතාලම සකස් කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අනාගතයේ දී මේ සමුපකාර සමිති අතර තරග පවත්වා එම තරගවලින් ජයග්‍රහණය කරන දරුවන්ට ත්‍යාග පිරිනැමීමටත් කටයුතු කරන බව ඇමැතිවරයා කියා සිටියේය.
ඉදිරියේ දී ජාතික පාසල්වලට මෙන්ම පළාත් පාසල්වලට ද සමුපකාර සිමිත පිහිටුවා මූල්‍යාධාර ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී පාසල් සමුපකාර සමිති 400කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර, එම සමිතිවල එක්ලක්ෂ හැටපන් දහසකට (165,000) අධික අති විශාල සමුපකාරික දරු දැරියන් පිරිසක් සිටිනවා. එම සමුපකාර සමිති මඟින් සිදුවන සේවය අති විශාලය.
දරුවන්ගේ නායකත්ව අංකුර බීජ රෝපණය කර වර්ධනය කිරීමට මේ සමුපකාර සමිති මගින් අවස්ථාව උදාකර දී තිබෙනවා. පාසල් පද්ධති තුළ ක්‍රියාත්මක වන සමුපකාර සමිතිවල පාලන කටයුතු සියල්ල සිදු කරන්නේ පාසල් දරුවන් විසින්. එහිදී ඔවුන් ලබා ගන්නා අත්දැකීම් හා දැනුම ඉතා වැදගත් වන අතර, එවැනි කටයුතුවල නියැළීම තුළින් ඔවුන් ඉතා විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගන්නවා මෙන්ම අනාගත නායකයන්, ව්‍යවසායකයන් සහ වෘත්තීයවේදීන් බිහිවීමේ ආරම්භය ද සිදු කෙරේ.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ පසුගිය දා (26) පාසල් සමුපකාර සමිති සඳහා සමුපකාර අළෙවිසල් පිහිටුවීමට මූල්‍යාධාර සහ උපකරණ පිරිනැමීමේ සතොස මූලස්ථානයේ පැවැති අවස්ථාවකට එක් වෙමිණි.
පාසල් සමුපකාර සමිති පිහිටුවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සමුපකාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර, මේ අවස්ථාවේ එහි සමාරම්භක අවස්ථාවට සහභාගීවීමට ලැබීම පිළිබඳ ඉතා සතුටට පත්වෙන බව කියා සිටි ඇමැතිවරයා මෙසේ ද කියා පැවැසීය.
අතීතයේ දී සමුපකාර සමිති සඳහා නායකත්වය දුන් පාසල් දරු දැරියන් බොහෝ දෙනෙක් වර්තමාන සමාජයේ ඉහළ ස්ථානවල සිටිනු දැකිය හැකියි. ඒ සඳහා ඔවුන්ට සමුපකාර ව්‍යාපාරයෙන් ලැබූ දැනුම සහ අත්දැකීම් ඉවහල් වූ බව ඔවුන්ගේ ජීවිත කථාවල සඳහන් වෙනවා.
මගේ අමාත්‍යාංශය යටතේ ඇති සමුපකාර දෙපාර්තමේන්තුව අනාගත නායකයන් බිහි කිරීමේ අරමුණින් තවත් පාසල් සමුපකාර සමිති 12ක් හා විශ්වවිද්‍යාල සමුපකාර සමිතියක් පිහිටුවීමට අද දින මෙලෙස කටයුතු කිරීම පිළිබඳ එම දෙපාර්තමේන්තුවට හා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාගේ ස්තූතිය පිනැමීමට කැමතියි.
ඒ අනුව ගම්පහ, කළුතර, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, වවුනියාව, මඩකළපුව, ත්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රික්කවල තෝරාගත් පාසල් 12ක හා රජරට විශ්වවිද්‍යාලය තුළ නව සමුපකාර සමිති පිහිටුවීමටත්, සමුපකාර සමිතිවලට සමගාමීව සමුපකාර අළෙවිසල් එම පාසල් හා විශ්වවිද්‍යාල තුළ පිහිටුවීමටත් සැලසුම්කර තිබෙනවා.
මේ සඳහා එක් සමුපකාර සමිතියකට රුපියල් ලක්ෂ 05ක් ලෙස රුපියල් ලක්ෂ 65ක් වෙන් කර දී තිබෙන අතර, ඉන් රුපියල් ලක්ෂ දෙකහමාරක් මූල්‍ය ප්‍රදානයක් ලෙසත්, තවත් ලක්ෂ දෙකහමාරක්, ඡයා පිටපත් යන්ත්‍රයක් (photocopy machine) , පොත් රාක්ක වැනි උපකරණ සඳහාත් ලබාදෙනවා.
මෙලෙස ආරම්භ කරන සමුපකාර අළෙවිසල් මගින් ලබන ලාභය එම පාසල්වල සහ විශ්වවිද්‍යාලවල සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකස් රන්ජිත් අසෝක රේඛීය සංවර්ධන සමුපකාර කොමසාරිස් එස්. එල්. නසීර් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප විමල් කරුණාතිලක
0 Comments