Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේරුවිල-සෝමාවතී මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන්න

පොළොන්නරුව දිස්ත්‍රික්කය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ඒකාබද්ධ කරමින් ඉදිකර ඇති සේරුවිල-සෝමාවතී පාර ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් යවමින් කියා සිටිති.

මෙත්තාරාම හිමියන් යවන ලද එම සංදේශයේ වැඩි දුරටත් මෙසේ ද කියා සිටිති.

කිලෝ මීටර් 160ක දුරක් යායුතු ගමනක් කිලෝමීටර් 52ක් වැනි කෙටි දුරකින් ගමන් කළ හැකි සේරුවිල සෝමාවතී මාර්ගය නිසා දිවයිනේ දුර බැහැර සිට මේ ඓතිහාසික පුදබිම් වන්දනා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ට සිදු වූයේ විශාල සෙතකි. බැතිමතුන් රැගත් බස්රථ ගමන් කිරීමට සුදුසු ලෙස මේ මාර්ගය මෑත භාගයේ දී තනා නිම කළ ද මේ වන විට ගමනා ගමනයට බාධා වන ලෙස තැනින් තැන අබලන්ව පවතී. ඇතැම් ස්ථානවල විශාල ප්‍රමාණයේ වළවල් හෑරී ඇත.

මේ මාර්ගයේ වත්මන් තත්ත්වය පිළිබඳ වගකිව යුතු බලධාරීන්ට වරින් වර දැනුම් දුන්න ද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත.

එබැවින් ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ තැන්පත් ඓතිහාසික මංගල රජමහා විහාරස්ථානය මෙන්ම ඓතිහාසික සෝමාවතී රජමහා විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් මේ මාර්ගය ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස මෙත්තාරාම හිමියෝ ජනාධිපතිගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.

රත්නසිරි පතිරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();