Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැංගුස් සටන හෙට සිට මග්ගොනදී

අසංග ප්‍රසාද් වීරපුර

කළුතර මහ විදුහල සහ කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලය අතර 61 වැනි වරටත් සංවිධානය කරන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මැංගුස් සටන හෙට (29) සහ අනිද්දා (30) දෙදින මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මීට සමගාමීව දෙවිදුහල් අතර එක්දින ක්‍රිකට් ගැටුම 31වැනිදා පැවැත්වීමට නියමිතය.

ක්‍රිකට් ක්‍රීඩාවට ලොව දිනු දක්ෂ ක්‍රීඩකයන් රැසක් ම බිහි කිරීමට මේ දෙවිදුහල්ම සමත් වී ඇති අතර අගනුවරින් බැහැරව ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කළ පාසල ලෙස කළුතර විද්‍යාලය හැඳින්විය හැක. ඒ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ද සිටී.

මෙවර කළුතර විද්‍යාලය කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු ජයවික්‍රම දරණ අතර දක්ෂ පිතිකරුවකු වන ප්‍රමෝද් තවුස උප නායකත්වය දරයි. තිස්ස විදුහල් පිල රොහාන් සංජය මෙහෙයවන අතර ඔහු ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩයෙකි. උප නායකයා ලෙස කටයුතු කරනුයේ තුන් ඉරියව් ක්‍රීඩකය කෝසල් රවිඳුය.

මීට අමතරව මෙවර මැංගුස් සටනට සම්බන්ධ කළුතර විදුහලේ තවත් දක්ෂ ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ලක්ෂාන් මෙවර තරගවාරයේදී ලකුණු 551ක් රැස්කරමින් කඩුලු 73ක් බිඳ දමා තිබේ. කවිඳු ජයවික්‍රම ලකුණු 369ක් සහ කඩුලු 74ක්, විශාර සස්මිත ලකුණු 694ක්ද රැස්කරමින් දස්කම් දක්වයි. තිස්ස විදුහල නියෝජනය කරන දක්ෂයන අතර ලකුණු 690ක් රැස්කර ඇති උපනායක කෝසල රවිදු ඉදිරියන් පසුවන අතර ඔහු කඩුලු 70ක්ද බිඳ හෙලා තිබේ. අශේන් චනුල ලකුණු 422න් නිනිල් සහස්මිත ලකුණු 410ක් රැස්කරමින් ඉදිරියෙන් පසුවෙති.

කළුතර විදුහල් කණ්ඩායම - කවිඳු ජයවික්‍රම (නායක), ප්‍රමෝද් තවුෂ (උපනායක), අවිශ්ක ලක්ෂාන්, හිරුණ මධුෂාන්, සුනෙර අගතිස, දිලිප් අරුණෝද්‍ය, විශාර සස්මිත, විශ්මික කොස්තා, ෂචීන් අනුක, මිහිඳු පැහැසර, ගිහාන් සංජන, අශේන් මන්තක, ක්‍රිශාන් විරංග, සදීප් ප්‍රනාන්දු, හංසක දනුපම, දිනුක තිසර, චමිදු පියමාල්, නිපුන් හංසක, පවන් සංදීප, යුනික දිල්රුක්, විශ්ව ධනංජය

තිස්ස විදුහල් කණ්ඩායම - රොහාන් සංජය (නායක), කෝසල රවිදු (උපනායක), රසාංජන අරවිදු, අෂේන් චනුල, නිහිල් සහස්මික, හේෂාන් උචින්ද, හර්ෂ මදුසංඛ, ඔමේස් නිම්රෝත්, පසිදු මල්ෂාන්, සුරේෂ් නිශ්ශංක, ලහිරු තාරක, නිමේෂ් සාලින්ද, අංජන සංකල්ප, අශේන් ජයතිලක, අවිෂ්ක දේවින්ද, ජනිත් ලක්රුවන්, ධනුක නිශාද්, චමල් සාරංග, ප්‍රමුන් ප්‍රසංග.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();