Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට යන කණ්ඩායම ඇමැති අනුමැතියට

ප්‍රින්ස් ගුණසේකර

දෝහා කටාර් හීදී ලබන මස 21 වැනිදා ආරම්භවන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතියට යොමු කරයි. මේ වසරේ ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන මෙයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 9ක් හා ක්‍රීඩිකාවෝ 5ක් තෝරා ගැනීමට මලල ක්‍රීඩා ජාතික තේරීම් කමිටුව තීරණය කොට ඇත.

මෙයට අමතරව සහභාගී කරවීමට අපේක්ෂා කරන කන්තා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම වෙනුවෙන් තවත් ක්‍රීඩිකාවන් දෙදෙනකු නම්කොට ඇති අතර අනුමැතිය ලැබුණහොත් පමණක් එම ක්‍රීඩිකාවන් ආසියානු ශූරතාවලියට සහභාගී කෙරේ. දැනට අමෙරිකාවේ පුහුණුව ලබන මීටර් 100 ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක මලල ක්‍රීඩා සංගමය නම්කළ ආසියානු ශූරතාවලි සංචිතයට ඇතුළත් කොට නොමැති අතර ඇයට අමෙරිකාවේ දක්වන දස්කම් අනුව ඉදිරියේදී අවස්ථාව උදාවන බව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයෙකු පැවැසීය. රුමේෂිකා රත්නායක අමෙරිකාවේ පුහුණුව නිමවා කෙළින්ම දෝහා කටාර් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට පැමිණෙන බව පැවැසුවද දැනට නිර්මාණයවී ඇති තත්ත්වය අනුව තරගාවලියට සහභාගීවීම අවිනිශ්චිතවී තිබේ.

“රුමේෂිකා අමෙරිකාවේදී මීටර් 100 හා 200 ඉසව්වල හොඳ කාලයක් වාර්තා කළ බවට වාර්තා වුනොත් සංචිතයට ඇතුළත් කිරීමේ අවස්ථා තිබෙනවා. ඇය 2017 සිට ශ්‍රී ලංකාවේ කිසිදු තරගයකට සහභාගීවී නෑ. ඒ නිසා ඇයගේ වත්මන් දක්ෂතා නිවැරදිව හඳුනාගත යුතුයි” මලල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයා ‘දිනමිණ’ට පැවැසීය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තේරීම් තරග දෙකේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9ක් ආසියානු පරිසාධන මට්ටම පසුකරමින් කෙළින්ම තරගාවලියට සුදුසුකම් ලැබූ අතර තවත් 5ක් ආසියානු පරිසාධන මට්ටම ආසන්නයේ සිටියහ. ශ්‍රී ලංකාවට මේ ශූරතාවලිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 14ක් නම් කිරීමේ අවස්ථාව උදාවී තිබූ හෙයින් පරිසාධන මට්ටමට ආසන්නයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද දෝහා බලා පිටත්වීමේ අවස්ථාව උදා වේ.

පිරිමි : හිමාෂ ඒෂාන් (මී. 100) , සුරන්ජය ද සිල්වා (මී. 100), ග්‍රේෂන් දයානන්ද (තුම් පිම්ම), ධනුෂ්ක සදරුවන් පියරත්න (දුර පැනීම), ජානක විමලසිරි (දුර පැනීම), රුසිරු චතුරංග (මීටර් 800), හේමන්ත කුමාර (මී. 1500), අජිත් ප්‍රේමකුමාර (මීටර් 400), එස්. රණසිංහ ( හෙල්ල විසි කිරීම)

කාන්තා: නිලානී රත්නායක (මීටර් 3000 බාධක), නිමාලී ලියනාරච්චි (මීටර් 800 හා මී. 400 සහාය දිවීම) හා ගයන්තිකා අබේරත්න (මීටර් 800 හා මී. 400 සහාය දිවීම), නදීෂා රාමනායක (මීටර් 400 හා මී. 400 සහාය දිවීම), විදූෂා ලක්ෂාණී (තුම් පිම්ම)

අනුමැතිය අපේක්ෂාවෙන් : උපමාලිකා රත්නකුමාරි (මී. 400 සහාය දිවීම), දිල්ෂී කුමාරසිංහ (මී. 400 සහාය දිවීම)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();