Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිගේ සෘජු ප්‍රතිපත්ති මත් උවදුර මැඩීමට රුකුලක්

Author(s): 
උදුලා පීරිස්

මත්ද්‍රව්‍ය, දුම්වැටි විරෝධී ජනාධිපතිවරයාගේ සෘජු ප්‍රතිපත්තිය නිසා අද වන විට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීමේ හැකියාව ඇති වී ඇතැයි සිංහල ශබ්ද කෝෂයේ හිටපු කර්තෘ, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති විද්‍යෝදය පිරිවෙන් පරිවේනාධිකාරී ආචාර්ය අකුරටියේ නන්ද නායක හිමියෝ පැවසූහ.

එතුමා එදා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී සිගරට්වල රූපමය අවවාදය 80%ක් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළද සමාගම්වල අදහස් වලට නතුනොවී 80%ක් බැරි වුණත් අදාල රූපමය අවවාදය 60%ක් දක්වා කිරීමට කටයුතු කළා.

කෙසේ හෝ අදවන විට දුම්පානයේ අඩුවක් තිබෙන බව සංඛ්‍යා ලේඛන තහවුරු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය සංඛ්‍යා ලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ පරිභෝජනයට වඩා කිලෝ 900ක් වැඩිවී තියෙනවා.මේ මත්ද්‍රව්‍ය අසුවෙන විදියට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ හබ් එකක් බවට අපේ රට පත්වෙලා තියෙනවා.

කොළඹ 07,ශාන්ති පදනමේ අනුශාසක හා සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොළ අරමකිත්ති හිමියෝ අදහස් දක්වමින් -මෑත කාලයේ ආරම්භවී ඇති මත්ද්‍රව්‍ය විනාශ කිරීම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය විදියට අපි ජනාධිපතිවරයාට ආශිර්වාද කරන්න ඹ්න. දීඝ නිකායේ අග්දින්න සූත්‍රයේ පවා සඳහන් වෙනවා සමාජ උවදුරු එනවිට ඒවා පාලනය කරන්න සමාජයෙන්ම පාලකයෝ එන බව. ඒ වෙනුවෙන් රජ කෙනෙක් අද පහලවී තිබෙනවා.

අමරපුර මහ නිකායේ වජිරවංශ පාර්ශවයේ අනුනායක විශ්ව සාහිත්‍ය භාෂා විශාරද ,සද්ධර්ම කීර්ති, ශ්‍රී වජිරවංශාලංකාර,සද්ධම්මාභිවුද්ධි පෝතක ,පණ්ඩිත, දර්ශන විශාරද පල්ලෙකන්දේ රතනසාර අනුනායක හිමියෝ-

එදා මත්ද්‍රව්‍ය වෙනුවෙන් කටයුතු කළ දේශපාලනඥයින්ගේ උදව් උපකාර නිසා මත්ද්‍රව්‍ය ගෙන්වන්නන්ට නීතියේ රැහැනින් බේරෙන්න පුළුවන් වුණා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා බලය අතට ගෙන ආරක්ෂක අංශ වලට අවශ්‍ය පහසුකම් ලබාදී මේ මාස කීපය තුලදීම විශාල ලෙස මත්කුඩු සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශාධිපති මහාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනශූරී කිවුලේ ගෙදර නාරද නාහිමියෝ-

මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වැදගත් තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්, නැති කිරීම් සහ පුනරුප්ථාපනය කිරීම් කඩිනමින් සිදු කරමින් පවතිනවා. මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් මහා සංඝරත්නයේ උපරිම සහය ලබා දෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();