Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත් ජාවාරම මැඩීමට කැපවූ ජනපති නියම රාජ්‍යය තාන්ත්‍රිකයෙක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දේශයේ මල් කැකුළු වන් අනාගත දරු පරපුර ආරක්ෂා කිරීමේ උතුම් අරමුණින් භයානක මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා එඩිතර ප්‍රයත්නය ලෝකයේ පැසසුමට ලක්ව ඇතැයි ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

නියම රාජ්‍යය තාන්ත්‍රිකයකු ලෙස මේ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කරන ජනාධිපතිතුමා ඇතුළු රජයට ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) සභාපති අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රීමත් ක්‍රෙග් රීඩ් මහතා ඊයේ තමන් වෙත එවූ ඊමේල් පණිවිඩයකින් සුබ පැතුම් එක්කළ බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ස්වාධීනත්වය තහවුරු කරමින් එම ආයතනය නව සිවු මහල් ගොඩනැගිල්ලකට පිවිසීමේ උත්සවය අමතමින් මහාචාර්යවරයා මේ බව පැවැසීය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසල ඉදිවූ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සුබ මොහොතින් ඊයේ විවෘත වූ අතර ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“ජනාධිපතිතුමාට දිනක් ඇතුලත කළ කෙටි දැනුම්දීමකින් මේ අවස්ථාවට සහභාගීවීම පිළිබඳ විශේෂ ස්තූතියක් පිරිනමනවා. මෙවැනි නිහතමානී නායකයකු අපට සිටීම වාසනාවක්. මෙවැනි නිහතමානීත්වයක් මා මෙයට පෙර නායකයකුගෙන් දැක නෑ. මෙවැනි කටයුතුවලට ජනාධිපතිතුමා ලබාදෙන සහයෝගය ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපතිවරයා ඉහළින්ම අනුමත කිරීම රටක් හැටියට අපට ඉතා වැදගත්. ජපානය, කොරියාව වැනි රටවලට පසු ආසියාවේ මෙවැනි පහසුකම් ඇති එකම රට ශ්‍රී ලංකාව පමණයි” මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();