AIA ශ්‍රී ලංකා සමාගම විසින්, එක්සත් රාජධානියේ ප්‍රමුඛතම මෙන්ම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Tottenham Hotspur හි පාපන්දු උපදේශකයන් දෙදෙනෙකු මෙරටට ගෙන්වා පාපන්දු වැඩමුළුවක් පවත්වන ලදී. මේ පාපන්දු වැඩමුළුව සඳහා ජාතික පාසල් පාපන්දු තරගාවලියේදී දිවයින පුරා පිහිටි පාසල්වල කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 50 දෙනෙකු තෝරා ගැනිණි. එමෙන්ම මේ වැඩමුළුව මෙරට පාපන්දු සමාජයක් වන TAFA (Thaabit Ahmed Football Academy)හි සහයෝගීතාවයෙන් පැවැත්වූ අතර ඔවුන් දේශීය පාපන්දු උපදේශකයන් ලබාදෙමින් වැඩමුළුව සංවිධාන කිරීමට සහාය විය. AIA සමූහය Tottenham Hotspur පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල T’shirt සහකරු ලෙස කටයුතු කරන අතර English Premier League තරඟාවලියේ ඉහලින්ම සිටින කණ්ඩායමකි.
ක්‍රියාශීලී, සුවපත් ජීවන රටාවක් සඳහා ක්‍රීඩාවේ වැදගත්කම, කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීම, විනයගරුක බව, සංයමයෙන් යුක්තව කටයුතු කිරීම වැනි ක්‍රීඩාව හරහා ජනතාවගේ ජීවිතයට එකතු වන්නා වූ ධනාත්මක වටිනාකම් සහ සාරධර්ම පිළිබඳව අවධානය යොමු කරමින් AIA රක්ෂණ සමාගම මේ වැඩමුළුව සංවිධාන කළේය.

0 Comments