Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නොදර්න් ස්පීඩ් මංගල රැළියේදී අශාන්-සමීර යාපනය වර්ණවත් කරති

 යාපනයේ ජනතාවට මෝටර් රථ ධාවන තරග ඉසව් අත්දැකීම් ලබාදෙමින් පළමු වරට පැවැති නොදර්න් ස්පීඩ් මෝටර් රථ ධාවන රැළියේදී අශාන් සිල්වා දක්ෂතම රියදුරු ලෙසත්, සමීර ප්‍රේමරත්න දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙසත් සම්මාන දිනා ගැනීමට සමත් වූහ.

ඉර්ෆාන් ෆුවාඩ් දක්ෂතම රියැදුරු වූ අශාන්ගේ සහයක රියැදුරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සමාජය, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය සහයාපනය දිස්ත්‍රික් මෝටර් රථ ක්‍රීඩා සමාජය එක්ව පළමු වරට නොදර්න් ස්පීඩි 2019 මෝටර් රථ ධාවන රැළිය (NORTHERN SPEED RALLY 2019) සංවිධානය කළහ.

අශාන්-ඉර්ෆාන් අදියර 9කින් සමන්විතවු කිලෝමීටර් 130ක දුරකින් පැවැති මෝටර් රථ ඉසව්ව නිමකිරීමට පැය 1යි මිනිත්තු 5යි තත්පර 29ක් වැයකර තිබුණි.

එහිදී රියදුරු සෆ්රාස් ජුනයිඩ් සහ සහයක රියදුරු අමින් පැ.1:11කින් තරගය නිමා කරමිවන් දෙවැනි ස්ථානය හිමිකරගත් අතර රියදුරු නිශාන්ත සේනාධීර හා සහයක රියදුරු රෝෂිත අලුත්වෙල තෙවැනි ස්ථානය (පැ1:14.19කින්) අත්කර ගත්හ.

අධියර හයකින් සමන්විත වු යතුරුපැදි තරගාවලියේදී මිනිත්තු 55යි තත්පර 19කින් තරගය නිමකළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ධාවන ශූර සමීර ප්‍රේමරත්න යතුරුපැදි ශූරයා වූ අතර ඩී.එම්. කේ. කල්හාර (මි.56.20) දෙවැනි ස්ථානයත්, ශ්‍රී ලංකා පොලිස් විශේෂ බලකා සාමාජිකා එච්.බී. සී. අයි.සමරනායක (පැ.1:3.7) තෙවැන්නා ලෙසත් තරගය නිමා කළහ.

නොදර්න් ස්පීඩි තරගාවලියට එස්.එල්./එච්.මෝටර් රථ, එස්.එල්./ජී.ටී. මෝටර් රථ, ට්‍රක් හා ජීප් මෝටර් රථ හා එස්.එල්./එස්. මෝටර් රථ යන කාණ්ඩ ඇතුළත්ව තිබූ අතර විවෘත යතුරුපැදි කාණ්ඩයේ තරග ඉසව්වකින් මේ තරගාවලිය සමන්විත විය.

ට්‍රක් හා ජීප් රථ තරග කාණ්ඩයේ පළමු ස්ථානය රියදුරු ජවීඩ් වාහාබ් සහ සහයක රියදුරු රීස්වින් රෂීක් දිනා ගත්තේ පැය 1යි මිනිත්තු 27යි තත්පර 20කින් තරගය නිම කරමිනි. දෙවැනි ස්ථානය රියදුරු බුද්ධි ගුණසේකර සහ සහයක රියදුරු කුමුදිකා ගුණසේකරටත්, රියදුරු අම්ජාඩ් රීස්වි හා අශාඩ් සේනූඩීන් තෙවැනි ස්ථානයත් හිමිකර ගත්හ.

අශාන් සිල්වා සහ සහායක ඉර්ෆාන් ෆුවාඩි එස්.එල්./ජී.ටී. තරග කාණ්ඩයෙන්ද ජය වාර්තා කළ අතර රියදුරු සෆ්රාස් ජුනයිඩ්/සහායක රියදුරු අමින් දෙවැනි ස්ථානයත්, රියදුරු යසිත් ගමගේ/සහායක රියදුරු දක්ෂින අමරසිංහ තෙවැනි ස්ථානයටත් පත්වුහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂක සේනාංකය යාපනය ආඥාපති හා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජේනරාල් දර්ශණ හෙට්ටිආරචිචි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 55 වන සේනාන්කයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ, 52වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ ලේකම් කර්නල් ඉනිදු සමරකෝන්, සහකාර ලේකම් ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ලුතිනල් කර්නල් දුමින්ද ජයසිංහ, මෝටර් රේසිං සංගමයේ සාමාජික තරගාවලියේ ප්‍රධාන සංවිධායක රීස්වාන් අහාමත් සහ යාපනය දිස්ත්‍රික් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රවීණ මෝටර් රථ ධාවක මෙන්ම ධාවන ශූර කේ. පරමේෂ්වරන් මහත්වරුද මේ අවස්ථාවට එක්වුහ.

සටහන සහ ඡායාරුප
ගීෂා මුණසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();