Header Ads Widget

අධිවේගයේ සැප බස් සේවාවේ කොට්ටාවේ ආරම්භක නැවතුම 31දා සිට

අධිවේගි මාර්ගය සම්බන්ධ කරගනිමින් දිවයින පුරා සිදුකෙරෙන සුඛොපභෝගි පොදු බස් සේවාවේ කොට්ටාවේ ආරම්භක බස් නැවැතුම මේ මස 31 දා සිට ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම්ය. අති සුඛොපභෝගි සේවාවන්ගෙන් සමන්විත නව බස්නැවැතුම්පොළ ජනතා අයිතියට පත් කරනු ලබන්නේ ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතිනි.

නව බස් නැවැතුම්පොළ සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීමටත් අවිස්සාවේල්ල දක්වා ගමන් කිරීමටත් මාලපල්ල දුම්රිය ස්ථානය අනුයුක්ත කර ඇත. මේ අනුව ජනතාවට දුම්රියෙන් පැමිණ දුර බස් සේවා ලබා ගැනීමට හැකියාව ඇත. ජාත්‍යන්තර සහයෝගිතාව යටතේ රුපියල් මිලියන දෙදහක මුදලක් මේ ව්‍යාපෘතිය සඳහා යොදවා තිබේ.

පන්නිපිටිය විශේෂ- අනිල් ලසත් පෙරේරා

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();