දකුණු අප්‍රිකානු පිලේ නායක ඩුප්ලෙසි
දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් තම ටෙස්ට් තරග දිවියේ වඩාත්ම දරුණු පසුබෑම මේ පරාජය බව තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු පිලේ නායක ෆෆ් ඩු ප්ලෙසි සඳහන් කළේය.
‘මේක පිතිහරඹයට ඉතා යෝග්‍ය තණතීරුවක්. මම පිතිහරඹයේ නිරතව සිටි ඉනිම් දෙකේදීම ඒ බව දැනුණා. නමුත් අපේ පිතිකරුවන් මේ තරගමාලාව පුරා දුර්වල පිතිහරඹයකයි නිරතව සිටියේ. දින දෙකක් ඇතුළත කඩුලු 31ක් බිඳ වැටුණු තණතීරුවක් වුණත් තුන්වැනි දිනයේදී පළමු වතාවට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් දෙදෙනෙක් අපට පෙන්නුවා මේ තණතීරුවේ කොයිතරම් ලකුණු සංඛ්‍යාවක් තිබෙනවාද කියලා’ ඩුප්ලෙසි පැවැසීය.

0 Comments